(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ හපුතලේ දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයට ගලක් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.
එම ගල එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු සඳහා දුම්රිය සේවකයන් මේ වන විටත් යොදවා ඇති බව කී එම නිලධාරියා පැය කීපයක් තුල මාර්ගය යථා තත්වයට පත් කළ හැකි වේ යැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.