(ඩයනා උදයංගනී)
ඉදිරියේදී මෙරට කිසිම ව්‍යාපෘතියක් වෙනුවෙන් ණය ලබා නොගැනීමට රජය හා කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ වෙනුවට තනා නිම කර භාරදීමේ ක්‍රමය, ව්‍යවසායකයන් සහ රජය අතර එකඟතාවකින් කටයුතු කිරීම හා විදේශ ආයෝජන ආදී ක්‍රමවේද අනුව පමණක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා ණය බර ඉහළයාම වැලැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඇමති රඹුක්වැල්ල මහතා කීවේය.
යහපාලන රජය 2015 වසරේ බලයට පත්වන විට ට්‍රිලියන 7.43 ක් වූ ණය බර යහපාලන රජය සමයේතව ට්‍රිලියන 5 1/2කින් ඉහළ ගොස් දළ දේශීය නිෂ්පාදිතයෙන් 87% වූ බව කී ඇමතිවරයා වර්තමාන අයවැයෙන් එය සියයට 92 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කීවේය.
තවත් ණය ලබා ගතහොත් රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා යනු ඇතැයි කී රඹුක්වැල්ල මහතා ජේ.ආර් ජයවර්ධන යුගයේ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ තිබූ එම තත්ත්වයට යළිත් නොයා යුතු බව ද සඳහන් කළේය.
දේශීය නිෂ්පාදනයන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය බදු සහන, බදු ඉහළ නැංවීම් ආදී සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලී කිව්වයි කියලා ලියාගන්න. නැත්නම් අමතක වෙයි.. අපි නොදන්නා ලංකාව...
යහපාලන රජය අවසානයේ 87%ක් වුණු ණය දැන් 92%ක් වෙලා. ඒ කියන්නේ මේ ගොල්ලෝ එක අවුරුද්දකින් ණය කන්ද 5%කින් වැඩි කරලා. බලාගෙන ගියාම ඔක්කොමලා එකයි.
මම හිතන්නෙ ෂුවර් එකටම ණය ගන්නේ නැතුව ඩේසි ආච්චිගෙ මැණික් විකුණලා සල්ලි හොයාගන්න වෙන්න ඇති සර්ලා හිතන් ඉන්නේ. සර් පාස් වෙන එක ගැන අපිට නම් ඉරහඳ වගේ විශ්වාසයි.
සල්ලි අච්චු ගැහුවාම හරි... 5000 නෝට්ටු ගැහුවම ලේසියි.
ඕස්ට්‍රේලියාවේ බැල්කනියේ ඉඳන් වෙන්න ඇති කියන්නේ...
කංසා වගාවත් ගෙවතු වගාවක් විදිහට කරන්න කියාවිද දන්නේ නැහැ.
ණය ගන්නෙ නැත්තේ ඉල්ලුවත් කවුරුත් ණයට දෙන්නේ නැති නිසා. CCC රේටින් තියන රටකට ණයට දෙන්න ණය දෙන ආයතනයට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ...
කවුද ණය දෙන්නේ...? ඇත්ත එකයි. දුන් ණය අාපහු ගන්න බැරි හිඟන රටක් ලෙස අපේ රට නම් කරලා ඉවරයි. අපේ රටේ දේපොළ හොරාකාපු දේශපාලුවන්ට ශාපවේවා. ඔවුන්ගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් ශාප වේවා..!!!
මාංශ ළඟදී හම්බවුනේ නැතිද...?
ණය ගන්නෙ නැහැ නෙමෙයි, ලෝකෙ අපිට කවුරුවත් ණය දෙන්නේ නැහැ. ඇයි ඉතිං හොරා කනවානේ...
ණය දෙන්න තරම් දැන් කවුරුවත් ඉතුරුවෙලා නැතුව වත්ද.?
හොඳට දේශපාලනයෙන් හම්බකරගත්ත යෝධයෙක් .මෙයා ඕස්ට්‍රේලියානු ආණ්ඩුවටත් නඩු දැම්මා. කොටු පනින්න ගිහිල්ලා බිමට කරණම් ගහපු වෙලාවේ නඩුවට මොකද දන්නේ නැහැ...
ණයවෙලා හරි පුරවැසි අපි ඔබලාට පිනට පෙට්‍රල්, ප්‍රාඩෝ... පාර්ලිමේන්තුවේදී තරු 05 ආහාරවේලක්... රට සවාරි වැනි මෙකී නොකී සියලු දේම දෙන්නම්. බොරු කිය කියා බයියන්ව චූන් කරලා බලේ ඉඳන් අපිව තව ටිකක් කන්න. බැල්කනි වලට නම් නගින්න එපා.