(අංජුල මහික වීරරත්න)
එකිනෙකා පිළිබඳව අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය නොමැතිව රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සබඳතා තර කරගැනීමට අදිටන් කරගත හොත් රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සාමය, සංහිඳියාව සහ සමෘද්ධිය සපිරුණු රටක් නිසැකවම අපට ගොඩනඟාගත හැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසූයේ එකිනෙකා අතර සාමය, සමගිය, සමානාත්මතාව වර්ධනය කර ගැනීම සඳහා නොපමාව කටයුතු කළ යුතු බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය" සැමදා බාධාවන්, කකුලෙන් ඇදිමෙන්, වෙට්ටු දැමීමෙන් මෙය වේද? කාතාවට පෙර තමාගැනම ස්වයං විවේචනාත්මකම සිතන්න...
හොරපාරෙන් පාර්ලිමේන්තුවට රිංගන්නේ නැතුව, තනතුරු ගන්නේ නැතුව මැතිවරණ පවත්වා ජනමතය අරගෙන හරි විදිහට එන්න. එහෙම නොකරපු නිසා තමයි මහජනතාව ගෞරව කරන්නේ නැත්තේ. මහජනතාව කතා කරන්නේ පින් ජනාධිපති කියලයි. ජනතාවගෙන් ගෞරව ලබන්න අවශ්‍යනම් හරි විදිහට එන්න.
විශ්වාසය දිනාගන්න අදාළ පුද්ගලයා දැන ගන්න ඕන සහ ඒක ක්‍රියාවෙන් පෙන්නන්න ඕනෑ.
ඔවා දෙනු පරහට... තමා සම්මතෙහි පිහිටා සිට... තමුන් කරන්නේ දූෂිත පවුල් පාලනේ අය රකින එක. ඡන්දෙට බයේ ඡන්දෙ නොපවත්වන එක ශිෂ්ඨ සම්පන්න වැඩක්ද?
ඉදිරියට යන්න ඇති විශාලතම බාධාව නිසිකලට මැතිවරණ නොපැවැත්වීමයි....!
මිනීමරු හොරු සමග අන්‍යොන්‍ය විශ්වාසයක්? දැන් වැසිකිළියටත් පොලිසියේ කුක්කන් 2 ක් දාලාලු නේද? අපි ඔය හොර මිනිමරුවන්ව එළවලා හොඳ රටක් හදනවා...!!!
සූත්තර පුංචා ආයෙත් ළදරු කතා කියන්න පටන් අරගෙන... අපි ඕවා දන්නවා. ඒත් අන්‍යෝන්‍ය විශ්වාසය කියන්නේ කම්බ හොරු රැළ ආරක්ෂා කිරීම නෙවෙයි...
ඒක කවදාවත් වෙන්නේ නැහැ.
කිසිම බාධාවක් නැහැ. ඔය යන විදිහට ආපස්සට හැරිලා ඉදිරියට යන්න...!!
කෙටියෙන් කියන්නම්. ඉදිරියට යන්න බැරි ඔබලා වැන්නවුන් නිසා. වෙන කිසිම ලෙඩක් නැහැ. ජනතාව අසරණයි. ඔබලාට ඉන්න තිබුණේ. ඇමරිකාවේ ඉන්න රට වගේ රට වැසියෝ. එකෙක්ටවත් බය නැහැ. නායකයෝ හරි ගුණගරුක විදියට කතා කරන්නේ වැඩකරන්නේ... පොඩි අසාධාරණයක්. පොඩි හොරකමක් වුණොත්. ජීවිතයම ඉවරයි. මොකද නීතිය. සේරටම එකයි. අද තමුන් බැඳුම්කර වංචාවට, දඬුවම් විඳින්නේ නැතිව... ජනතාවට දඬුවම් දෙනවා. මහින්දගේ, ගෝඨාභයගේ, බැසිල්ගේ අවසාන ජවනිකාව මේ යන්නේ තව ඉන්නවා... පසුවට රට කාලා දැන් එකමුතුවෙන් යන්න හදනවා...
ඉදිරියට යන්න ඇති ලොකුම හෙනය තමුන් මිසක් වෙන කවුද? මුලුමහත් ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න හදන එක හරිද? කිසිම ජනවරමක් නැති පින් ජනපති..?
ලොකුම බාධාව තමයි හොරු 134 නායකයයි, හොරු රැලයි.
ඉදිරියට යන්න බැරි බාධාව මුන්දෑම තමයි. මිනිස්සුන්ගේ ඉවසීම, පීඩනය එක්ක සෙල්ලම් කරලා මේක ලේ ගොඩක් කරලා තමයි මුන්දෑ නවතින්නේ...
ඡන්දය තියා මහජන විශ්වාසය රජය කෙරෙහි ඇතිකිරීම තුළින් එකතුවීම පහසුයි.