
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුව මගින් නාගරික සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් නොකෙරෙනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතු සියල්ල තාවකාලිකව නතර කරන ලෙසටත්, දැනට ආරම්භ කොට ඇති සංවර්ධන කටයුතුද පාඩු සිදු නොවන අයුරින් තාවකාලිකව නවතන ලෙසත් භාණ්ඩාගාරය දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසිය.
රණතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (05) පැවැති නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් තියෙන ආයතන පාලනයට ඇමැති කෙනෙක් මොකටද?
ඔව්වා නවත්තන එක ක්‍රමාණුකූලව කරන්න ඕනා. දැන් හදන්න කියලා කඩපු පාරවල් කීයක් හැදිල්ල මග නැවතිලා තියෙනවාද? හොඳම උදාහරණය හංවැල්ල කොළඹ පාර. පාරවල් හාරලා පොල් වලවල් වගේ වලවල් තියලා වහාම හැදිල්ල නවත්තලා වාහන ඉබි ගමනින් යන්න වෙලා තියෙන්නේ අමතර කොටසුත් නැති කාලේ වලවල් වල වැටිලා වාහන කැඩෙන එකයි, බඩ ගානකොට වෙන ඉන්ධන නාස්තිය එක්ක බැලුවම පාරවල් හැදිල්ල නැවැත්තුවට වඩා පාඩුයි. 225 සේරම දවසට 3 හතර පාරක් කඩුවෙල කොළඹ පාරේ බස් එකේ යවන්න ඕනා බඩ දඟලන හැටි තේරෙන්න.
කප්පමි රජා නැවත කරලියට
කප්පම් නඩුවක වැරදි කාරයෙක් මේ කියන්නෙ. හොදට අහගන්න
එතකොට මෙයත් ඇතුලුව පොහොට්ටුවෝ ජීවත්වෙන්න ඕන කප්පම් වලින්ම විතරද? සංවර්ධනය නැවතුන විට කොමිස් නෑනේ.