(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ඉදිරියට යන ගමන කිසි විටෙක අඩාල නොකරන අතර ඉදිරි මාස කීපයේදී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යොදවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (02) පැවැසීය.
සැප්තැම්බර්, ඔක්තෝබර් මාස වන විට සංවර්ධන වැඩසටහන් සියල්ල සාර්ථකව නිම කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
“දිරිය මිනිසුන්ගේ සොඳුරු නිවහන” යන තේමාවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජුනි මාසය සඳහා වන සමෘද්ධි නිවාස ලොතරැයි දිනුම් ඇදීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මගින් ලංකාවේ " දුප්පත් ජනතාවට " සෑම රජයක් විසින්ම දබාදෙන අසාර්ථක සමෘද්ධි සහනාධාරය වෙනුවට අර්ථවත් සහ ක්‍රමවත් සාර්ථක ක්‍රමවේදයක් ඉදිරිපත් කල හැකිය. එය ඉතාම පහසුය. ලංකාවේ හෝ වෙනත් රටක සිටින ශ්‍රී ලංකික යන සමෘද්ධි ව්‍යාපාරය පිලිබදව දක්වන අදහස කුමක්ද
බලාගෙන බලාගෙන රාළහාමිලා අන්තිම මොහොතේ අධි වේගයට දඩ කොලයක් දෙයි.....
විශිෂ්ටයි අගමැතිතුමනි, යහපාලන රජය 2025 දී ලංකාව සංවර්ධිත දියුණු රටක් කරන බව විශ්වාසයි.
පසුගිය වසර හතර තුලම සංවර්දනය අපි අත්දුටුවා. වේගය පාලනය කරගන්න බැරි වේද මන්දා ?
බය වෙන්න එපා, එච්චර කල් යන්න දෙන්නේ නැහැ . හෙට අනිද්දාම ගෙදර යවනවා. රටේ ජනතාව මොඩයෝ නෙමෙයි මේ වගේ මැටි අයට ආයෙත් පාලන බලය දෙන්න.
සෝමා ඩුබායි, ඔයා මේ ඇත්තටම එජාප එකේ කටු කන වර්ගයේ දේශපාලන හෙන්චයියන් වගේ අදහසක් නේද දාලා තියෙන්නේ...?
ඇයි එහම හදිසි වේගය වැඩි කරන්න? පුළුවන් නං අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න කෝ.
මාස 4 න් කරන සංවර්දනය මොකක්ද. රට රැකියා කොපමණ සපයන්න පුලුවන්ද? ආයෝජකයෝ කීදෙනක් සොයා ගන්න හැකිද? ටැබ් දීම ආපදා වන්දි දීම සංවර්ධනය නොවෙයි. සංවර්ධනය කොහොම උනත් යන්න ලැහැස්ති වෙන්න. මේ 6 ටත් අපිව රවට්ටන්නයි මේ ලැහැස්තිය.
සෝමා ඩුබායි ඉදන් හීන දකිනවද.
අනේ ඔව් තව ටිකක් වේගය වැඩි නොකලොත් කට්ටියට සංවර්ධනය වෙන්න කාලෙ මදි.
ඇත්ත! උදාහරණයක් හැටියට මාතර-හම්බන්තොට අධි වේගී මාර්ගයේ වැඩ කටයුතු නවතා දැනට මාස 10ක් වෙනවා! අපේ පාරවල් වල දැනට අවු.4 විතර ඉදලා පැච් එකක්වත් දාලා නැහැ! වැහි දවසට පාරෙ යනවට වඩා ගෙදර ඉන්න එක හොදයි කියලත් ආණ්ඩුව අපට පහදල දීලා තියෙනවා.
පැරණි උපමාවක් තියෙනවා ආඳා යවා තබාලා වල්පත ගත්තාසේ කියල. මෙතුමාගේ වැඩවලටත් කථාවටක් එම උපමාව හොඳින්ම ගැලපෙනවා.
ඔව් ඔව් .. අන්න අරෙහෙ මාතර හම්බන්තොට ආදී වේගී මාර්ගය වැඩ නවත්තල චීන සමාගමකින් ලංකවේ රජය මුදල් ගෙවන්නේ නැතුව... ඔව් ඔව් අපි දැන් සංවර්ධනය වේගවත් කරන්න ඕනි... කාටද මේවා කියන්නේ.
කටින් බතල කොළ හිටවනවා.
ඡන්ද ලංවෙනකොට සංවර්ධනය මතක් වෙලා .....
නිව්ස් එකක් තියෙනවා හම්බන්තොට අදිවේගී මාර්ගයේ වැඩ නවත්වලා කියලා. ඒ මේ වේගේ වැඩි කරන්න වෙන්න ඇති.
හයියෙන් අල්ලා ගනිමු නැතිනම් වැඩි වේගය නිසා එලියටම විසිවෙයි. (සැ.යු :- රට විනාශ වීමේ වේගය)
ඉස්සල්ලම මාතර හම්බන්තොට අධිවේගේ මාර්ගය ඉවර කරන්න .
වේගය වැඩි කරගන්න ගිහිල්ල දඩ කොළ ලියාගන්න හදන්නේ
අවුරුදු හතරකට පස්සේ නින්දෙන් නැගිටලා !! වේගය පාලනය කරගන්න තව මස හතරනේ තියෙන්නේ
අන්න මාස දහයක් ගෙවීම් නෑ කියල අන්න හම්බන්තොට අධිවේගේ වැඩ නවත්තල. මෙයා මෙහේ සංවර්ධන අධිවේගයක් කතාකරනවා.
අනේ අම්මේ පරිස්සමින් ...ඔච්චර වේගෙන් ගිහින් තාප්පෙකවත් හැප්පෙයි ....
පසුගිය මාස දහය තුළ පමණක් ඩොලර් මිලියන 80 ක මුදලක් ශ්‍රී ලංකා රජය ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට ගෙවා නොමැති බව දැන ගන්නට ඇත.මේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ සියලු ඉදිකිරීම් වැඩ නතර වී ඇත. සංවර්ධන වේගයේ තවත් කොටසක්......
වේගේ වැඩි වෙලා සාමාන්‍ය ජනයා වන අපිට සංවර්ධනේ දරා ගන්න බැරුව ඉන්නේ!!!
සුත්තර පුංචාගේ බොරු වලට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ. අර මහා බැංකුව මංකොල්ල කපු අර්ජුන ලංකාවට ගෙන්න ගන්නේ කවදද කියල තවම කිව්වේ නැහැ.
පිස්සු කෙල කෙල ඉදල අන්තිම මොහොතේ නිදිමරාගෙන විභාගයට පාඩම් කරනවා වගේ නේද ?. මේ සුදානම් වීම ඡන්දෙට. පොඩිකාලේ අපිත් බලාගෙන හිටියේ විභාගේ කල්යනකම්
කතාව කොරන්ඩ කලින් මොනවා හරි පාවිච්චි කොරනවද මන්දා. නැතිනම් වගකීමකින් තොරව කටට එන එක විදිනවා. මේවා අහගෙන ඉන්න අපිට කැරකිල්ල වගේ.
කොහොමත් ඒ ජා ප ය සීග්‍ර වේගයෙන් පල්ලම් බහින බව පේනවා. ඒ ජා ප ය ඉතිහාසයේ ලද දරුණුම මැතිවරණ පරාජය මීළඟ ඡන්දෙදි ලැබීමට නියමිතයි. ඒ තරම් ඔබ තුමාගේ නායකත්වය රටටත් පක්ෂයටත් අහිතකරයි. සංවර්ධන වේගය වැඩි කිරීම කෙසේ වෙතත් ඊළඟ මහා මැතිවරණයෙන් ආසනය බාර ගන්නත් ඔබ තුමාට වේගවත් වැඩපිළිවෙලක් ඕන වෙයි.
ඡන්ද ලං වෙනකොට මතක් වෙන සංවර්ධනය .....
වේගයෙන් ගියොත් අතුරු ආන්තරා වෙන්න පුළුවන්. ඒක නිසා මේ ආවා වගේ හෙමින්ම යන්න.
ඡන්දය ළඟ හින්දා වේගය වැඩිකරලා දිනුවට පස්සේ කෙළවලාම දායි... අගමැතිතුමෝ, ජනතාව ගොනාට අන්දන්නේ... අපි හරක්ද?
td මයා වෙත, පළමුව අපගේ අදහස් වලට සමහරවිට 100% විරුද්ධවනු ඇත. නමුත් ඔබගේ අදහස්වලට අපගේ අවංක අදහස් කීමට කැමැත්තෙමු. මෙතෙක් බලයට පත්වූ සියලුම පක්ෂ මිනිසුන්ගේ දුප්පත්කම දඩමීමා කරගෙන සහනාධාර දීමට ඉදිරිපත් වී එම මිනිසුන්ගේ ඡන්දය හොරා කෑවා නොවේද? සහනාධාර දීමෙන් (සුළුවෙන් හෝ) එම කොටස් රටේ ශ්‍රම දායකත්වයට එකතු කර ගත්තාද? නැත්නම් සුළුවෙන් හෝ නිකමුන් ටිකක් බිහි කළද? යන්න අප අවංකව අපගෙන්ම ඇසිය යුතු නොවේද? කිනම් හෝ රජයක් කළ යුත්තේ රටේ පුරවැසියන්ට ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැගීම නොවේද? එසේ කිරීමෙන් කිසිවෙකු දුප්පත් යයි පවසන කොටසට අයත් වේද? අප කෙසේ හෝ බලයේ සිටීමට ඡන්ද ගොඩ බලාගෙන අදූරදර්ශී තීරණ මෙතෙක් ගත්තා නොවේද? අවුරුදු 60 ක් 70 ක් යන තෙක්ම අපගේ මාතෘභූමිය දියුණුවෙමින් පවතිට රටක් ලෙස ලෝකයා ඉදිරියේ හෑල්ලු වුණෙත් මේ මොහොතේ වෙන්නෙත් දේශපාලුවන් නමැති බූරුවන්ගේ බලලෝභී තීරණ නිසා නොවේද? රිලව් 225 ට මෙය නොතේරෙන්නේද? නැත.. ඉතා හොඳින් රිලව් 225 මෙය දන්නා කරුණකි. නමුත් බලය වෙනුවෙන් ඕනෑම බලුවැඩක් කිරීමට කැමති බූරුවන් 225 ක් සිටින ලෝකයේ එකම එක රට අපගේ රට නොවේද?