IMG-LOGO

‘ඉදිරි මාස 6දී රට පත්වාගෙන යන්න නම් ඩොලර් බිලියන 6ක් ඕනෑ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිරි මාසයේ මාස 6 දී රට නොවැටී  පවත්වා පවත්වාගැනීම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් අවශ්‍ය වෙන බව වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම අප 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතුව තිබෙනවා අප නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැන සිටයි.පවත්වාගෙන යාමට හැකි රජයට ආදායමක් ලබාගත හොත් පමණයි.

ආදායම යහපත් වන තුරු අකමැත්තෙන් වුවත් තවත් රුපියල් ට්‍රිලියනයක් පමණ මුදා හැරීමට සිදු වෙනවා.දැඩි අර්බුදයට ලක්ව ඇති ක්ෂෙත්‍ර හඳුනාගෙන ඒවාට සහන ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.


ඉදිරි කාලයේදී දුෂ්කර සති තුනක් එළඹෙන අතර දුෂ්කර කාලයෙන් පසුව ඉන්ධන හා ගෑස් නිස පරිදි බෙදා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරමින් පැවසීය.

"තව මාස කිහිපයක් ආහාර අතින් බරපතල තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. දෛනික ආහාර අවශ්‍යතා යාන්තමින් හෝ සපුරා ගැනීම සඳහා පිටරටින් ආහාර ගෙන එන්නට සිදු වේවි.කඩා වැටෙමින් තිබෙන කෘෂිකර්මය ගොඩනැංවීමේ කාර්යය අප වහාම ආරම්භ කළ යුතුයි.දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රසායනික පොහොර අවශ්‍යයි"


ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට  සහාය ලබා දෙන්නැයි  සමස්ත ලෝකෙන්ම ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය  සූදානම් වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"2023 වසර අවසන් වෙද්දී අප ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගත යුතුයි.ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන් ලබා ගත යුතුව තිබෙනවා.

වැරදි ක්‍රියා මාර්ග නිසා අප ලෝකයෙන් කොන් වෙමින් තිබෙනවා. ඒ තත්ත්වය නැවත හැරවීම ලෙහෙසි නැහැ.මෙි විට අප විදේශ රාජතාන්ත්‍රිකයන් සමඟ කතා කරමින් සිටිනවා.


අපට ආධාර දෙන රටවල් එක්කොට ආධාර සමුළුවක් පවත්වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ඉදිරියේ ණය ගෙවීමේ වගකීම අපට තිබෙනවා රටවලින් ලබාගත්  ගත් ණය ආපසු ගෙවීමේ සැලසුමකට පැමිණි සැනින් අවධානය යොමු කළ යුත්තේ අප රට ලබාගෙන තිබෙන පෞද්ගලික ණය සම්බන්ධවයි.ලබාගත් ණය ගෙවීමට නම් විදේශ විනිමය තිබිය යුතුයි. ඒ සඳහා ඉක්මනින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.සිංගප්පූරුව සහ ඩුබායි අතර තවත් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීමට හැකියාව තිබෙනවා.සිය වන නිදහස් සමරුව  2048  වසරේ දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත්කිරීම අපේ අරමුණයි.


අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා දමන අතර අනෙකුත් වියදම් සීමා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"එමෙන්ම අර්බුදයට ලක්ව ඇති ක්ෂෙත්‍රය  යළි  යළි නඟා සිටුවීමට කටයුතු කරනවා. සංචාරක ක්ෂේත්‍රය ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කරනවා.එමෙන්ම සහන ලබාදිය යුතු කොටස් සම්බන්ධයෙන් එම විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා.ආහාර සඳහා මුදල් නැති අයට නොමිලේ ආහාර ලබා දීමට කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේදී තීරණය කළා .හැම දෙනාටම තුන්වේලක් ආහාර සැපයීම අපේ යුතුකම යි.


හෙක්ටයාර දෙකකට අඩු කුඩා ඉඩම් වල වී වගා කරන ගොවීන් ගේ ගොවි ණය සියයට සියයකින් සම්පූර්ණයෙන්ම කපා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හැම අංශයක්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යාම රජයේ අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරයා කීය


 



අදහස් (4)

‘ඉදිරි මාස 6දී රට පත්වාගෙන යන්න නම් ඩොලර් බිලියන 6ක් ඕනෑ‘

Hafeel Tuesday, 07 June 2022 12:18 PM

මේ ආකාරයෙන් මුදල් අච්චු ගහනවා නම්, කබ්රාල් සහ මෙයා අතර වෙනසක් නැහැ. මෙයා අගමැතිකම බාරගත්තුදා කල ප්‍රකාශ අනුව, අපි හිතුව මේ වෙනවිට රට ඩොලර්වලින්, තෙල්වලින්, පොහොර වලින් සහ බෙහේත් වලින් පිරිලා ඇති කියල.

:       2       7

ana Tuesday, 07 June 2022 01:06 PM

ඔය කරුණු ජනතාව දන්නවා. අගමැති අවශ්‍ය ඕවා කියන්න නොවේ විසදුමක් සඳහා......

:       0       9

ජයන්ත Tuesday, 07 June 2022 02:33 PM

මෙයා දැන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක. අවශ්‍ය ගානටත් වඩා වැඩියෙන් භය කරනවා. ඊට පස්සේ ඒච්චර ගියේ, මගේ දක්ෂතාවය නිසා නෑ අඩුවට බේරගත්තා කියල පම්පෝරි ගහනවා. අපි මාර පවක් කරල තියෙන්නේ මෙහෙම නායකයන් පත් කරගන්න. ඉස්සරහට මොනව විකුණන්ද ප්ලෑන් කරනවද කියල ශුවර් නෑ.

:       1       1

විපරමා Tuesday, 07 June 2022 02:40 PM

රටේ ඩොලර් හිගයට වගකිවයුතු දුෂිත පවුල් පාලනේ උදවියගෙන් අයකර ගන්න විදියක් බැලුවොත් නරකද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 350 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site