(නිමල කොඩිතුවක්කු)
ඉදිරි දෙසතිය තුළ විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
පාසල්, කාර්යාල සහ සමාජයේ ඒකරාශී වන ස්ථානවල රෝග ලක්ෂණ සහිත පිරිස් විශාල වශයෙන් වාර්තා වෙමින් තිබෙන බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තුළ නොතිබීමෙන් රෝගීන් හඳුනා ගැනීම ගැටලු සහගත වී ඇතැයි ද ඔහු පැවසීය.
පවත්නා තත්ත්වය හමුවේ ඉන්ධන පෝලිම, ගෑස් පෝලිම් වැනි ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල දී රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් අවාසනාවන්ත මරන ඇති වීමේ අවස්ථාව ඇති බැවින් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් නිසා කොවිඩ් හැදෙනවා නම් එවැනි පෝලිම් නැතිකිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ මොකද? අපිත් කැමතියි පෝලිම් නැතිව මේවා ලබාගන්න...
රට වහන්න තමයි වෙන්නේ... නේද මහත්තයා..?