(අංජුල මහික වීරරත්න)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුලත්වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ කමිටු පත් කිරීම තුලින් තබා ඇති ලෝක වාර්තාව කිසිවෙකුටත් බිඳ හෙළිය නොහැක.
මේ කමිටුවේ වාර්තා ලැබෙන විට එයා ජනාධිපති පුටුවේ නෑ.
ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්න පත්කරන කමිටුවේ ලොක්කෝ ඒ ගැන අවබෝධයක් නැති පරිපාලන නිලධාරීන්. රට මේ තරමින්වත් ඉතුරු එක ගැන සතුටු වෙන්න ඕනෑ.
අර වියත්මගද? කියත් මගද කියන වගේ එකක්ද?