
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුව සිටින දහතුන් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් ආර්ථික අර්බුදය හමුවේ එම ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් අනාථභාවයට පත්ව සිටින බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව පවසයි.
මේ පිරිසට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නියුතු හය ලක්ෂ පනස් දහසක් (650000) හා වක්‍ර රැකියාවල නියුතු ආසන්න වශයෙන් හත්ලක්ෂයක් (7,00000) ඇතුළත් වෙති.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රට හැර යාමේ ප්‍රවණතාවක්ද මතුව ඇතැයි එම සභාව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, වැඩකට බාස් කෙනෙක් හොයා ගන්න ගියොත් ලේසි නෑ වගේම ගාණත් සුළු පටු නෑ.
බැංකු අධිපතිට කියන්න ඩොලර් එකට සත 4ක් 5ක් එකතු කරලා, ඒක ආයිම ඊළඟ දවසේ අඩුකරලා පොඩි ළමයි සෙල්ලම් කඩවල කරන දේවල් කරකර දිගටම ඉන්න කියලා. රටම විනාශ වෙනකල්... රටක කෘත්‍රිම විදේශ විනිමය අනුපාත එක්ක නැගිටපු කිසිම රටක් නෑ. අද ආයෝජකයින් එන්නේ නැත්තේ වෙළඳපොළ ආර්ථිකයක දුවන ප්‍රධානම දැති රෝද හිරකරලා නිසා. ඒ එක්ක අපි වටේ රටවල් නැගිටිනවා ඉතා වේගයෙන්. ලෝකේ ඉන්න ඩොලර් හොරු ලංකාවේ කොටස් වෙළෙඳපළ අල්ලනවා. දන්නවා හැමදාම ඩොලර් එක හිරකරගෙන ඉන්න බැරි බව. කවදා හරි 1991 ඉන්දියාවේ අපේ වගේම ලොකු ආර්ථික අවපාතයක් ඇති වුණා. මුදල් ඇමති හා මහා බැංකුව කරුණු 13කින් යුත් ක්‍රියා පිළිවෙලක් අනුගමනය කරා, ඒ ගොල්ලන් ගොඩ ආවා. අපේ බැංකු අධිපති කරන්නේ ළමා සෙල්ලම් ගෙවල් ඇතුලේ කරන බොළඳ දේවල්...!