(අංජුල මහික වීරරත්න)
ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම "ලණුව" කාබනික පොහොර ව්‍යාපෘතිය බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (7)පැවසීය.
කාබනික පොහොර ව්‍යාපෘතිය දාර ලණුවක් බව දැන එය ක්‍රියාත්මක කරන්නට එපා යැයි තමා මුලදීම පැවසූ බව කී මන්ත්‍රීවරයා නායකයන් එම කතා කණකට ගත්තේ නැතැයි ද කීය.එම තීරණය නිසා රටේ කෘෂිකර්මාන්තය විනාශයෙන් විනාශයට පත්වූ බවද මන්ත්‍රීවරයා කීය.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යනව යන්න ඔබල සියලුදෙනාම එකතුවෙලා 20 සම්මත කරන්න චන්‌දෙ දුන්න, දැන් ගෝටගෙ බලේ අඩු කරන්න වියවස්තා සංශොදන ගෙනාවත් එවට විරුද වෙනව, ඔහොම හිටපල්ල ලබන චන්දෙදි දෙන්නම් නිසි පිලිතුරු
කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන කියලා තියෙන්නේ කට කහනවට නොවෙයි. පාදෙණිය දොස්තර මහත්තයා වගේ අය කාබනික කතාවට උල්පන්දම් දුන්නට, ඒවා අහලා, තීන්දු තීරණ ගත්ත ජනාධිපතිතුමාට සිහි බුද්ධියක් තියා ඔලුවක්වත් තිබුනාද කියලා සැකයි.
පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා නේද?
ලණු කන මනුස්සයෙක් නායකත්වයට ගැලපෙනවද?
එතකොට අර රනිල් නටන්න දන්නව කියල ඇවිත් බෙරේ ටියුන්කර කර ඉන්න එක?
හොර පොහොට්ටුවේ නායකයෝ රටට ලනුදුන්න කියල පිලිගත්ත නම් ඇති. තම පක්ෂය රට විනාශ කල බව මේ කතාව ඔප්පුකර තිබෙනවා.
ඇත්තම තමයි. සාමාන්‍යයෙන් මෝඩයෙකුව මුරුංග අත්තේ තියලා දිරච්ච ලනුවක් දුන්නම ගිලිනවා ෂෝක් එකට. අපි දෙන ලනු වගේ නෙවෙයි දොස්තරලා දෙන දිරච්ච ලනු කාපුවම දිරෝගන්නම බැරි වෙනවා. ඒ උනාට මෝඩයින්ට ලනු දෙන එකේ භයානක කම දැන්වත් අවබෝධ කරගත්තොත් හොඳයි. මොකද ඉතින් මෝඩයා හිතන්නේ "තමන් තමයි මහා ලොකු කෙරුමා" කියලනේ.. ලෝකෙට පේන්න ලොකු වැඩ කරන්න ඔවුන් ආසයි. හොඳ වෙලාවට අර රුසියාවේ පුටින් මහත්තයට සිංහල නොතේරෙන්නේ. නැත්නම් ඉතින් එතුමාට කල අපහාසයට වෙලහකටත් අපිට වෙන්න ඕනා හරිය වෙලා ඉවරයි.
අප්පල පුතාල කරගහගෙන ඇවිත් හිටවල දැං මොනවද කියන්නෙ? අඩුගානෙ අස්වෙනව වත් කියන්න මේ රජරට ගොවි මහත්වරු දෙන්නට බැරි උනා. රාජපක්ෂ ඉනාව කාල රට නැතිකලා තමුන්නැහැලාට නෙවෙයි අමාරුව අපටයි. පවුල් දේශපාලනය තමයි රට නැති කලේ.
මෙ මෝඩ ජනාදිපති ගත් මුග්ධ තීරණය තමයි රටෙ ආර්තික පරිහානියෙ හැරවුම් ලක්ශ්යය. ඒ්කට ගොනෙක් වගේ එකගවුන ඇමතියෙකුත් එයාට හිටිය.
පොහොර සමාගම්වලින් ඔයාට ලොකු කුට්ටියක් ලැබුණද?