ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (31) 202 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (31) රුපියල් 202.04ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.62ක් ලෙසත් දැක්විණි.
මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.
ඉන් අනතුරුව ඉකුත් දා (16) නැවත වරක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය ඉකුත් (17) වැනිදා 201 සීමාව ඉක්මවා පහළ ගියේය.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1 කින් අවප්‍රමාණය වී ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් ඇමතිතුමාට ප්ල්ග් එක ගලවන්න අමතක වෙලා ඇති... නෙල්ලි කෝලා එකක් බීලා කුරුඳු සිගරට් එකක් පත්තු කරන් සැපේ ඉන්නවා ඇති..
මොන ආණ්ඩු ආවත් ඕක තමයි.
69 ලක්ෂයක නොවැම්බර්වරුන් රැවටුණු රැවටිල්ලේ හැටියට "ඉන්න රටක් කොහොම වෙතත් යන්න රටක්" හොයාගන්න සීන් එකක් දැන් නිර්මාණය වෙමින් පවතින්නේ. මාර වැඩක් ලංකාවට වුනේ...
ඩොලර් එකත් එක්ක හැප්පෙන්න රුපියලට බෑ. අපේ කීරි සම්බා ඩොලරයත් එක්ක හොඳ සටනක් දෙනවා.
අර රුපියලේ බන්දුල මහත්මයයි, රුපියලේ රෝහිත මහත්තයයි දැන් මොනවද කියන්නේ..?
මට ඇහුනේ නැහැ.
මේක එක දවසකින් වෙච්ච දෙයක් නෙවෙයි. අපේ දීර්ඝකාලීන ආර්ථික සැලසුම්වල ප්‍රතිඵලයක්. අපි කොට්ට මාරු කරකර ප්රාතිහාර්ය බලාපොරොත්තු වෙනවා. දැන් රටම ඕජස් වැගිරෙන තුවාලයක්. මේකට ලොකු සැත්කමක් කරන්න ඕනෑ. අවාසනාවට ඔක්කොම ඉන්නේ හොර දොස්තරලා.
මැරෙන හැටි මම පෙන්වන්නම් අයියන්ඩියේ කියාගෙන... ඉස්සරහට පැන්නේ මේකට නේද?