
(ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට )
ජාත්‍යන්තර සංචාරක සමුළුව, පෙබරවාරි 4,5, 6 යන දිනවල , ජාතික සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ප්‍රදර්ශකයන් සඳහා මිලානෝ ඇලෙන්සි හි පැවැත්විය.
ඉතාලි සංචාරක ව්‍යාපාරය අසාමාන්‍ය වර්ධනයක අවධියක් අත්විඳිමින් සිටියි. වසුගිය වසරවල සංචාරකයන් පැමිණීම සංඛ්‍යා ලේඛනවලට අනුව විශාල වර්ධනය වීමක් පෙන්නුම් කරයි. මෙම පරිණාමයේ ප්‍රධාන අංගයක් වන්නේ මිලානෝ ජාත්‍යන්තර සංචාරක සමුළුවයි .
මෙය ගෝලීය සංචාරක කර්මාන්තයේ වර්තමානය සහ අනාගතය පිළිබඳ සම්මන්ත්‍රණ, නව හදුන්වාදීම් ,කර්මාන්ත වෘත්තිකයන් සම්බන්ධ කරන සහ නැගී එන ප්‍රවණතා පිළිබඳ ගැඹුරු බැල්මක් ලබා දෙන ලෝක මට්ටමේ සිදුවීමකි.
රටවල් 66කින් ප්‍රදර්ශකයන් 1,100කට අධික සංඛ්‍යාවක් සහ නව ගමනාන්ත 26කින් සමන්විත සංචාරක සමුළුව සමඟ ශ්‍රී ලංකාවට ද සෑම වසරකම මෙන් මෙවරද ඒ සඳහා සම්බන්ධ වීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදී ඇත.
ශ්‍රී ලංකාව විසින් සකසන ලද සංචාරක ප්‍රවර්ධන කුටිය කාගෙත් සිත් ගත් ආකර්ෂණීය සුලභ දසුනක් විය. අලින් සහිත කැලෑවකින්ද ශ්‍රී ලාංකික සංස්කෘතික, නර්තන, වාදන ,ගායනාද ජාතික ඇඳුමින් සැරසුණු කුඩා ළමුන්ද තේ අලෙවි මණ්ඩලයෙන් සපයන ලද තේ පැන් සංග්‍රහයකින්ද සමන්විතය.
මෙය මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය එක්ව සංවිධානය කර තිබුණි.
තවද මීට සමගාමීව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දූත මණ්ඩල සේවයන්, ඉතිහාසය උඩු යටිකුරු කරමින් මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩිලානි වීරකෝන් මහත්මිය හා එහි කාර්ය මණ්ඩලය විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට කොන්සල් කාර්යාලය පරිශ්‍රයේහි සංවිධානය කර තිබූ සංචාරක ප්‍රවර්ධන හමුවක් ඉතාමත් අලංකාර ලෙස සංවිධානය කර තිබුණි.
විදේශීය සංචාරක කර්මාන්තය ඒජන්තවරු, ගුවන් සමාගම් අධ්‍යක්ෂකවරු, හෝටල් හා අවන්හල හිමිකරුවන් සමග දේශීය ඒජන්තවරුට ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය එකිනෙකා සමග බෙදා ගැනීම මෙමගින් අවස්ථාව ලබා දී තිබුණි.
මෙම හමුවීම, මෙහි ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අංශයේ කළමනාකාර අධ්‍යක්ෂක නලින් පෙරේරා මහතාගේ ද මිලානෝ බරන් සාතෙ නගරාධිපති ලූකා රියෝ එළියා මහතාගේද ඇගයීමට හා පැසසුමට ලක් විය.
තවද මහජන මුදල් වලින් යැපෙන පුටු රත් කරමින් කාලය නිරපරාදය වැය කරන අනෙකුත් ශ්‍රී ලාංකික තානාපතිවරුන්ට හා එම නිලධාරීන්ට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දීමට මෙවැනි සංවිධාත්මක විශාල පාඩමක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති කාර්යාල වලින් ලාංකිකයින්ට බල්ලන්ට වගේ සලකලා, සුද්දන්ගේ සල්ලි වලින් ලංකාව දියුණු කරන්න උත්සහ බලන එකත් වැරදීම නැහැ.. දැන් මෙතෙක් කලක් ලංකාවට මුදල් එවල රටට බරක් නොවී රටේ ආර්ථිකයට ඉමහත් සේවයක් කලේ සුද්දෝද..? ලාංකිකයෝද..? සුද්දන්ට රතුකාපට් අතුරලා පිලි අරගෙන ලාංකිකයින්ට කුඩම්මාගේ සැලකිලි කරන එක තමයි හැමතැනම සිදු වෙන්නේ... තමන්ගේ රටේ පුරවැසියන්ට ඔය කියන තානාපති කාර්යාල වලින් නිසි ගෞරවය හා ඔවුන්ට අවශ්‍ය සේවා රැකවරණය නිසි ලෙස ලබා දෙනවද..? අතීතයේ සිට ක්‍රියාත්මක උන ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලියට පරිවර්තනය කිරීම දැන් ඉතාලි රජය නවත්වලා නේද..? ඊට හේතුව කුමක්ද..? ලංකාවේ තිබෙන ඉතාලි තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික මාෆියාකාරයින් විසින් ග්‍රහණයට ගෙන, ශ්‍රී ලාංකිකයින්ව විවිධ අන්දමේ සුරාකෑමට ලක්කරන බව ඔය කියන තානාපති කාර්යාල දැනුවත්ද..? එක අතකට ඔවුන්ට ඔහොමම වෙන්න ඕනා,, අපිට මතකයිනේ පසුගිය ජනාධිපති මැතිවරණය සමයේ ඉතාලියේ වෙසෙන ලාංකික මෝඩයින් දඟලපු දැඟලිල්ල... මෝඩයින් දඟලපු දැඟලිල්ල..