IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉතිරි කිරීමේ බැංකුවේ කැමති අයට විශ්‍රාම යන්න වරම්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන්  විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත් වූ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර් ග්‍රහණය කර ගැනීමටත් මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් තීරණය කර ඇතැයි රජය කියයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයින් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් පවතින අතර එහිදී විකල්පයක් වශයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් ස්වෙච්ඡාවෙන්  විශ්‍රාම ගනු ලබන සේවකයින් සඳහා වෙළඳපොළ සාධක සැලකිල්ලට ගනිමින් ගෙවීමක් කිරීමටත් තීරණය කර තිබේ.



අදහස් (1)

ඉතිරි කිරීමේ බැංකුවේ කැමති අයට විශ්‍රාම යන්න වරම්

Lalla Wednesday, 15 May 2024 07:45 AM

ඔය ක්‍රියාවලිය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මහජන බැංකුව වැනි ආයතන වලටත් දීල අලගෙඩි වෙලා ඉන්න කමකට නැති නිලධාරීන් ගෙදර යවන්න බැරිද? දැක්කම අජූත කට්ටිය පිරුණ ආයතන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site