ඉතියෝපියාවේ ඔරෝමියා කලාපයේ ජනප්‍රිය ගායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විරෝධතා අතරතුර ඇතිවූ කළහකාරී තත්ත්වයන් හේතුවෙන් 50 දෙනකු පමණ මියගොස් තිබේ.
බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය අය අතර විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ වල සාමාජිකයින් ද සිටින බව වාර්තා වී ඇත.
විරෝධතාකරුවන් විසින් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද ගිනි තබා තිබිණි.විරෝධතා පවතිද්දී පිපිරීම් තුනක් ද සිදුවී තිබේ.
හාකාලූ හුන්ඩීසා නම් මෙම සංගීතාඥයා සඳුඳා (29) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබූ බව ඉතියෝපියානු පොලිසිය පවසයි.
පසුදා උදෑසන ඔරෝමියා කළාපයේ සහ තවත් නගර කිහිපයක විරෝධතා ආරම්භ විය.
මියගිය සංගීතඥයාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (02) පැවැත්වීමට නියමිතව ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඉතියෝපියාවේ විරෝධතාවකදී 50ක් මරුට