IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉඩම් හබයට මස්සිනා මස්සිනාගේ අත කපයි

(රොමේෂ් මධූෂංඛ)

යාපනය වඩමාරච්චි තම්පසිට්ටි වට්ටුවාන් ප්‍රදේශයේ දී පවුල් දෙකක් අතර වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අතක් වෙන්වන සේ කපාදමා රැගෙන ගිය පුද්ගලයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය.

අදාල පවුල් කලක සිට ඉඩම් ගැටලුවක් හේතුවෙන් ආරවුල් ඇති කරගන්නා අතර ඊයේ දින ද එලෙසින් ආරවුලක් ඇති වූ අවස්ථාවේ දී සිය මස්සිනාගේ අත වෙන්වන සේ කපා, වෙන් වූ අතේ කොටස ද රැගෙන අනෙක් මස්සිනා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

පසුව අත කපා දැමීමෙන් බරපතල තත්වයේ සිටි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.

මෙලෙස අතක කොටසක් අහිමි වී ඇත්තේ 30 හැවිරිදි ‌ෙසල්වනායගම් සෙන්තුරන් නැමත්තාට වූ අතර ඔහුගේ ඥාතීන් විසින් මේ පිළිබඳ ව පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය විසින් පලාගිය සැකකරු අත්අඩංගුවට ගත්ත ද රැගෙන ගිය අතෙහි කොටස මෙතෙක් හමු නොවීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයාට අතෙහි මැණික්කටුව ආසන්නයෙන් අතෙහි කොටස අහිමි විය.

අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ඉඩම් හබයට මස්සිනා මස්සිනාගේ අත කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site