(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය.

ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පනත විවාදය සඳහා ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත අනුව  ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම සිදුවන අතර “ඉඩම් කොමසාරිස්” යන වචනය වෙනුවට “ඉඩම් කොමසාරිස් ජනරාල්” යන වචනය ආදේශ කිරීම, අතිරේක ඉඩම් කොමසාරිස්වරයන් හා වෙනත් නිලධරයන් පත්කිරීම, ඉඩම් කොටසක් උකස් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතිය අවශ්‍ය නොවන බව, මැනුම් කරනු නොලැබූ ඉඩම් සඳහා ප්‍රදානපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක්ද අන්තර්ගත වේ.