
(ගයාන් සූරියආරච්චි, තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීමෙන් අපවත් වූයේ කලපලුවාවේ ධම්මරතන නැමැති (45) හිමිනමක බව පොලිසිය කියයි.
අපවත්වූ හිමිනම හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කර ඇති අතර එම විහාරස්ථානයේ කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් මත මෙම හිමිනම මල්වතුහිරිපිටිය විහාරස්ථානයට පැමිණ දානය වළඳා නැවත හේනේගම විහාරස්ථානයට වැඩම කරන බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
සිද්ධිය වූ අද (23) මෙම හිමිනම දහවල් 12.15 ට පමණ විහාරස්ථානයේ දානය වළඳමින් සිටින අවස්ථාවේදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා හිමිනම සතුව මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමට පැමිණි බව පවසා ඇත. පසුව හිමිනම පරීක්ෂා කරන මුවාවෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇත බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
(ඡායාරූප: සුදත් පුබුදු කීර්ති)

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ යුක්තිය?
පාතාලය මදින්න වැඩ පිළිවෙලක් නැහැ නේ මේ කාලකන්නි පොලිසියට
ලංකාව පුරා චිකාගේවටත් වඩා වැඩියෙන් ගිනි අවි තියෙනවා . මේ පිළිබඳව දේශපාලකයන් හොඳින් දන්නව. කුඩු නෙවෙයි අල්ලන්න ඕන. මෙන්න මේ ගිනි අවි. කොටි අතේතිබුණ අවි විශාල වශයෙන් දේශපාලකයන් ඇතුළු වෙනත් පාතාලයන් හරහා රට පුරා ගිහින් තියෙනව. මේන්නමේවයි ුඅල්ලන්න ඕන.
චන්දන ඉතාමත් නිවැරැදියි. ගිනි අවි නැති පාතාලයක් කොහෙන්ද? අනවසර ගිනිඅවි දරන්නන්ට මරණ දඬුවම දිය හැකි පරිදි නීති සැකසිය යුතුයි. එදාට ඔය යුක්තිය මෙහෙයුම් අවශ්‍ය නොවනු ඇත. ඒත් අපේ පොලිසියට කිසිදා එය කළ නොහැක. කිරීමට ඉඩ නොලැබෙන බව ඉතා පැහැදිලියි...
ඔයා රටට බරක්වන අයට දිගටම වැඩ වරදියි...!
දේශපාලන හා පෞද්ගලික ආරවුලක් දෙකම එකට විසඳාගන්න තත්වයක් රටේ ඇතිවෙලා තියෙනවා. මේ දේශබන්දු ටිරාන් හවුලේ වැඩනිසා...
පන්සල්වලත් ඉඩම් ආරාවුල් තියෙනවද? අපරාදේ... සියලු ලෞකික සැප අත හැරපු හාමුදුරුවෝ...!
සමහරුන්ට අද හරියට වැසිකිළියට යන්න බැරි වුණත්, ඒකට හේතුව "යුක්තිය" කියලයි හිතන් ඉන්නේ...!
මේ ඝාතනය, සංඝ පාතාල කල්ලියක වැඩක් වෙන්න ඇති... ?
හාමුදුරුවන්ට මොකටද ඉඩම්? සසර කලකිරිලා නෙවෙයිද මෙහෙම වෙන්නේ?
පොලිසිය මේ ආකාරයට සිවිල්පිට පැමිණ කරනු ලබන රාජකාරි කටයුතු සීමා කළ යුතුයි. හොඳම උදාහරණය ගිය සතියේ ලොරි රියැදුරු ඝාතනය කිරීම...!
යුද්ධයක් නිමාකරපු ආරක්ෂක සේනාවට පාතාලය මඩින්න බැහැ... සමහර සමහර දේශපාලකයොයි, පාතාලයයි එකම ටීම් එකක්, ඒකයි මෙය පාලනය කිරීමට නොහැකි...!
සියළු විහාරස්ථානවල දේපොළ රජය සතු කළ යුතුයි. ආදායම්, වියදම් විගණනය කළ යුතුයි..
මේවාට පොලිසියේ සම්බන්ධකම් තියෙනවා. දේශබන්දුගේ අතීතයත් අපට අමතක නෑ. ඒ වගේම ටිරාන් කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලත් හැමෝම දන්නවා. එක දෙයක් නම් ශුවර්... මොවුන් රට නැති කරලාම දානවා.
සිද්ධාලේප බන්ධුගේ යුක්තිය...
යුක්තිය?. බීඩි.. බුලත් විට තහනම්... ටී පනස් හය.. මිනී මැරුම් අවුලක් නෑ.
කලබල නැතුව ඉන්නවලා. රට අනතුරේ. ඉන් රට ගලවා ගන්න හෙට අනිද්දාට නාමල් එනවා. එයාගේ දෑත් ශක්තිමත් කළා නම් මේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන්...!
සියල්ල හැරදා යා යුතුයි... මහණ වෙන්නේ සියල්ල අත් හරින්න... නමුත් අවාසනාවකට වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත හාමුදුරුවෝ ඉඩමේ ආසාව අතහැරියා නම් අදත් පණපිටින් සිද්දාර්ථ රඡතුමා සක්විති රඡකම අත්හැරලා මහණ වුණා...!
මේක මේ පොලිසියේ වැඩක් වෙන්න පුළුවන්... පාතාලයේ අය ආවා නම්..., පුළුවන් නම් වෙඩි තියන්න කියනකන් වෙඩි නොතියා ඉන්නේ නැහැ. ඔවුන් ආවා වෙඩි තිබ්බා ගියා... මෙතැන වෙලා තියෙන්නේ වෙනම දෙයක්...!
යුක්තියක් තියේ නම් මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය අනුව විනය ක්‍රියාමාර්ග ගන්නකො පොලිස්පති ගැන. නිකම් ඩ්‍රාමා විතරයි .
යුක්තියේ කොටසක් පතාලය මැඩීම,මත් ද්‍රව්‍ය යනු පාතාල නමැති ගසේ පොත්ත
ඇවිල්ල තියෙන්නෙ කුඩු චෙක් කරන්න කියල, ආවට පස්සෙ වෙඩි තියල තියෙනව .සමහරවිට වෙඩි වැදුනද දන්නෙ නෑ, තාම අපරාද කාරයෙ අල්ලලාවත් නැතිව කොහොමද කියන්නෙ මේක ඉඩම් ආරවුලට වෙච්ච වැඩක් කියල. සමහර විට මේක ඇත්තටම පොලීසියෙන් කරපු එකක්ද නැදද කියල කොහොමද කියන්නෙ. මොකද නාරම්මල සිද්දියත් මේ විදියට කියන්න තිබ්බනෙ සෝශල් මීඩියා තිබ්බෙ නැත්තම්