
(රවින්ද්‍ර විරාජ් අබයසිරි, එම්.ඩබ්ලිව්.සෝමරත්න සහ ප්‍රසාද් ජයකොඩි)
මාතලේ මහවෙල මිල්ලවාන ප්‍රදේශයේ ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් නාවික හමුදා සෙබළකු මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය පවසයි.
ගැටුමේදී මරණයට පත්ව ඇත්තේ මිල්ලවාන පහළ ගම ප්‍රදේශයේ පදිංචි ඉන්දික ප්‍රසාද් බණ්ඩාර නැමති වයස අවුරුදු 46 ක තිදරු පියකු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ පලවි කඳවුරේ සේවයේ නියුතුව සිටි සෙබළකු වන අතර එම සිද්ධියට අදාළ සැකකරු මහවෙල පොලිසිය වෙත පැමිණ බාර වී ඇති බව පොලිසිය කියයි.
අදාළ සිද්ධියෙන් මරණයට පත්ව ඇති නාවික හමුදා සෙබළා තම නිවෙසට අයත් ඉඩමේ වැට සකස් කිරීම සිදුකරමින් සිටින අවස්ථාවේදී එම ඉඩමට යාබද ඉඩමෙහි අයිතිකරු සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඇතිව ඇති ගැටුමේදී නාවික හමුදා සෙබළාගේ නිවෙසට යාබද නිවෙසේ පුද්ගලයා විසින් කැත්තකින් මුහුණ සහ බෙල්ල ප්‍රදේශයට සිදුකරන ලද පහරදීමකින් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඩම් අවුලට නාවික සෙබළා බිලි