(චමිල් රූපසිංහ)
පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන චතුරංගී එදුසූරිය නැමැති ශිෂ්‍යාව සමත්ව තිබේ.
ලොව රටවල් ගණනාවක නව නිපැයුම් කරුවන්ගේ සහභාගීත්වයෙන් (COINS) ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන තරඟයෙන් එම ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබ තිබේ.
මෙම නවීන නිපයුම මගින් මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි පරිගණක මෘදුකාංගයක් ඇය විසින් නිර්මාණය කර ඇත.
අන්තර් ජාලය ඔස්සේ අදාළ දත්ත ජංගම දුරකතනයට ලබා ගත හැකි බවද චතුරංගී පැවසීය.
ඇමරිකාව,චීනය හා එංලන්තය සමඟ එංගලන්තයේදී පැවැති මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා නව නිපැයුම් කරුවන් හය දෙනෙකු තේරුණු බවත් ලොව පිළිගත් මහචාර්යවරුන් ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඒ අතරින් හොඳම නිර්මාණය ලෙස තම නිර්මාණය තෝරා ගත් බවත් ඇය සඳහන් කළේය.
අධිවේගි මාර්ග ඇතුළු ප්‍රධාන මාර්ග ඉදි කිරීමේදී පස් සාම්පල පරීක්ෂාව සඳහා විද්‍යාගාර වලට ගෙන යා යුතු බවත් මේ සඳහා අධික වියදමක් මෙන්ම කාලයක්ද ගත වන බවත් කී චතුරංගී නව නිර්මාණය ක්‍රියාවට නැන්වීම මගින් මුදල් මෙන්ම කාලයද ඉතිරි කරගත හැකි යැයිද ප්‍රකාශ කළාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ මහචාර්ය එස්.බී.එස් අබේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඇය විසින් මෙම නිර්මාණය සිදුකර තිබේ.
පශ්චාත් උපාධි අපේක්ෂක ජානක වික්‍රමසූරිය මහතාගේ සංකල්පයක් මත මෙම පස් සාම්පල අදාළ ස්ථානයේදීම පරීක්ෂා කිරීමට අවශ්‍යය පරීක්ෂණ සිදුකළ බවත් එය ප්‍රතිපල ජංගම දුරකතනයටප පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංගය තමන් නිර්මාණය කළ බවද ඇය ඇය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්... අපේ රටට ලොකු ආඩම්බරයක්..
ඒත් මෙවැනි දක්ෂයින්ගෙන් ලංකාවට ප්‍රයෝජනයක් ගැනීමට නම්, නීතීඥයින් සහ වෙනත් තාක්ෂණික කුසලතාවයක් නොමැති අය විසින් වසර 70ක් පුරා සිදු කරමින් පවතින රාජ්‍ය පාලනය වෙනස් විය යුතුය. ආර්ථික විද්‍යාව සහ රාජ්‍ය ආරක්ෂාව ගැන හසල දැනුමක් හා යම්කිසි අධ්‍යනයක් කර ඇති ආචාර්යයවරයෙක්, විද්‍යාඥයෙක් වැනි පිළිගත් සුදුසුකමක් සහිත පුරවැසියෙක් මේ රටේ පාලකයා විය යුතුය.
ජයවේවා,තව තවත් නව නිපැයුම් සොයා ගන්න දරුවන් බිහිවේවා. අපේ රටෙත් දැන් බුද්ධිමතුන් බිහිවෙන යුගයක ආරම්භ විය.
දුවේ ඔබට අපගේ අවංක සුබ පැතුම්!!! ඉදිරියටත් ලංකා මාතාවට කීර්තිය ලබාදීමට ඔබට සියලු ශක්තිය ලැබේවා!!!
කරුණාකර ඔබගේ දුරකථන තොරතුරු ලබාදෙන්න. ඉක්මණින්ම... ස්තුතියි..
මේක "සොෆ්ට් වෙයා" එකක් නම් පරීක්ෂාව නොව දත්ත විශ්ලේෂණය කිරීම සිදුකරනු ලබන බව මගේ හැගීමය.
ඇමෙරිකාවේ නම් පසේ ගණත්වය (compaction) මනින්නේ න්‍යෂ්ටික මාපකයකිනි. එයින් ලැබෙන ප්‍රතිපල රසායනාගාරයේ එම පස්වර්ගය ජලය ඉසීමෙන් ලැබෙන ගණත්ව ප්‍රතිපල වලින් සැකසු චාපයක් (curve) සමග සසදා බලා තීරණයක් ගන්න බව කියන්න ඕනෙ. ඔය අලුත් නිපදුම මෙම ක්‍රියාවට උදව්වක් ලැබෙනවද යන්න අනාගතයේ දැනගත හැක.
දුවේ, ඔබට උණුසුම් සුබ පැතුම්. හැබැයි, බලාගෙන අධිවේගී මාර්ගවල පස් පරීක්ෂා කිරීම ඇතුළු අනිකුත් වැඩකිඩ ගැන විගනකාධිපතිගේ වාර්තාව පෙන්වන ඇඟ ලොමු දැහැ ගන්වන තොරතුරුවල හැටියට නම් ලොකු ලොක්කෝ ඔබේ නිෂ්පාදනයට හොඳටම බය වෙනවා. ඔය පස් පරීක්ෂා කිරීම් තියෙන්නේ පොතේ විතරයිනේ, ඒකයි.
මෙවැනි අලුතින් යමක් කල හැකි උදවිය අපේ රටේ නායකත්වයට පැමිණෙන්නේ නම් කොතරම් හොඳද? නමුත්, පවුල් වාදයට යටවුනු අපේ රටේ දේශපාලනය කිසිදාක එවැනි තැනකට පැමිණේ යයි සිතිය නොහැක.
අපගේ ප්‍රණාමය. හැබැයි අපේ රටේ කොමිස් කාක්කන්ටනම් මේ ප්‍රවෘතිය වහ කදුරු. මෙවැනි නිපැයුම් තව තරුණ තරුණියන් කීදෙනෙක් ඉදිරිපත් කලාද? අද කීයෙන් කීදෙනෙකුට පිළිගැනීමක් ප්‍රගතියක් තියනවාද? පහුගිය දවස්වල තිබුනා ඉවතලන පොලිතින්/ප්ලාස්ටික් වලින් ධාහක ඉන්දන ලබාගත හැකි යන්ත්‍රයක් නිපදුව අයෙක් ගැන. අද ??
මගේ සුභ පැතුම් දුවේ. මම ඔබේ ක්ෂේත්රයේ.
මේ වගේ දේවල් අපි හැමදාම පත්තර වල දකිනවා කට්ටිය "කමෙන්ට්ස් : දමනවා "ජයවේවා " කියලා (මමත් එයින් කෙනෙක් ) නමුත් කවමදාවත් මේ රටේ මේවා මෙතනින් එහාට යන්නේ නැහැ -ගිහිල්ලත් නැහැ එහෙම ගියානම් රට අතැරලා යන්නෙත්, අත් ට්‍රැක්ටරයේ පේටන්ට් එක වෙනරටකට යන්නෙත් තවත් ඒ හා සමාන දේවල් වෙන්නෙත් නැහැ මේ මොනවා හොයාගත්තත් මේ දේශපාලකයොයි උන්ට ඡන්දෙ දෙන අපියි ඉන්නකම් "රටත් එතනමයි -අපත් එතනමයි "
වාසනාවන්ත දියණියේ ,, නුමබටත් නුඹ හැදු වැඩු දෙමව්පියන්ටත් තුන් රුවනේ සරණයි ! තව දුරටත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!
ඔබගේ නිපැයුම කොපමණ වැදගත් උනත් ඕවට නිසි පිළිගැනීමක් මෙහෙන් ලැබෙන්නේ නෑ.
ඔබ යහපත් දරුවෙක් අපේ රටට. රට විකුණන් කන පර දේශපාලකයින්ට අහු වෙන්න එපා. ඔබට ජය.
කෙරුවොත් හොද දෙයක් තම රට වෙනුවෙන්ම..// ලක්මව හිනැහෙන්නේ සතුටින් පිරි දෑසෙන්ය..// ඒ මව සතුටු වෙනවා යනු දෙමව්පියන් හා සමානය..// රත්තරන් දුවේ නුබ මැණිකකි මේ මව්බිමට..//
මේ වැනි මොළ අපේ ජාතියට දුළබ නැත. ඒවායේ වටිනාකම හඳුනාගෙන ඔවුන්ගෙන් රටට වැඩක් ගැනීමට පාලකයෙක් නැත. එහෙම පාලකයෙක් බිහිකර ගැනීම සමස්ත ජනතාවගේම වගකීමකි. නැත්නම් මේ මොළ නතර වෙන්නේ බටහිරය. ඉන් පසු ඒ මොළවලින් රටට වැඩක් නැත.
දුව ඔබට උණුසුම් සුභ පැතුම් .. ඒ වගේම හරිම දුකයි කියන්න .. මේ සොයා ගැනීමට ලංකාවේ බලයලත් ආයතන හෝ අදාළ බලධාරීන් සත පහක අවධානයක් යොමු කරන්නේ නැහැ මේ පවතින දේශපාලන රටාව වෙනස් වෙන්නේ නැතිනම් . අන්තිමේදී බටහිර රටකින් මේ නිපැයුම මිලට ගනීවි . ඇය එම තාක්ෂණය විකුණන්නට අකමැති වුවහොත් ඔවුන් එම තාක්ෂණය සොරා ගනීවි .පසුව ඔවුන්ගේ පේටන්ට් බලපත්‍රයක් සමග ඉහල මිලකට අපටම විකුණාවී අර රේ විජේවර්ධන මැතිතුමාගේ නිපැයුම් වලට වුනා වගේ . එවිට අපේ සක්කිලි දේශපාලකයෝ උඩ පැනගෙන ඒවා රටට හදුන්වා දෙවි තමන්ට හොද කොමිස් කුට්ටියකුත් තියාගෙන .... මොනවද ඔට්ටු .. අද වෙද්දී අපේ දරුවන් මේ වගේ ඉතා උසස් නිපැයුම් කීයක් නම් ඉදිරිපත් කලාද ? අන්තර්ජාතික මට්ටමේ රන් පදක්කම් කීයක් නම් රටට ගෙනාවද ? කවුද ඒ නිපැයුම් වලින් රටට යහපතක් වෙන්න පිළිගෙන භාවිතයට යොමු කලේ ??
නගාට උණුසුම් සුබ පැතුම්!
රටක ඉන්න නිලදාරීන් හෝ වගකිව යුත්තන්ගේ වෘත්තිය අනුව ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියන්නේ ප්‍රතිපත්තියක් නැහැ කියන එකයි. අදාල තනතුරකට කවුරු ආවත් ස්ථිර ප්‍රතිපත්තියක් තියේනම් ඒක වෙනස් කරන්න බැ.