
(නවරත්න සමරතුංග)
අම්පාර ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු පසුගිය (15) දින සිට අතුරුදන්ව ඇතැයි ඉඟිනියාගල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඉඟිනියාගල පොලිසිය කියයි.
මෙම සිසුවියන් දෙදෙනා උපකාරක පන්තියකට යන බව පවසා ඉකුත් 15 දින නිවසින් පිටව ගොස් ඇති අතර කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වී ඇතැයි මව්පියෝ පවසති.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බී.ජී.අශානි විශ්මිකා සහ ආර්.එම්.පවීෂා නෙත්මිණි නැමති සමීප ඇසුරක් පැවැත්වූ සිසුවියෝ වෙති.
ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර 15 දින උදෑසන අශානි නැමැත්තිය පවීෂාගේ නිවසට පැමිණ තම මිතුරියද සමග උපකාරක පන්තියකට යන බව පවසා කැදවාගෙන ගොස් ගොස් ඇත.
මෙවුන් නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව්පියන් පොලිසිය පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
15 නිවසින් ගිය කෙනා දැන්ද පැමිණිලි කරන්නේ...?
දැන් ඔය බයලොජි උපකාරක පන්තිවල උගන්වන ටියුෂන් ගුරාලා තලු මරමරා ළමයින්ව කුල්මත් කරන විදිහට තව ටික දවසකින් ලංකාවේ සියලුම උපකාරක පන්තිවලට යන ගැහැණු දරුවන් ආපසු ගෙදර එන එකක් නැහැ. වනචර ටියුෂන් ගුරාලා උගන්වන්නේ ජීව විද්‍යාව නොවෙයි, ඔවුන් ජීවත් වීමේ විජ්ජාවයි. රටකට ගිය කලක්...?
උපකාර පන්ති මේ ළමයිට කරන අපරාධයක්. මේවා ගැන සොයන්න, බලන්න කෙනෙක් නැහැනේ. අධ්‍යාපන ඇමති කෙනෙක් මේ රටේ ඉන්නවද මන්දා. ළමයි ගේ මොළේ විකුර්ති වෙනවා මේ උපකාරක පන්ති ගුරාල උගන්නන දේවල් අහලා.
වම්බටු ගහල පලා ගන්න යන්න ඇති.