IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉංග්‍රීසි කතා කළ ලයිබීරියා ජනපතිට ට්‍රම්ප්ගෙන් පැසැසුම්

අප්‍රිකා රටවල් කීපයක රාජ්‍ය නායකයන් පිරිසක් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්වුණු අතර, එහිදී ට්‍රම්ප් සමඟ ඉංග්‍රීසියෙන් කතා කළ ලයිබීරියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සතුටට පත් වුණු ට්‍රම්ප්, ඔහුට සුබ පැතීමට අමතක නොකළේය. ඒ, ඔහු අපූරු ලෙස ඉංග්‍රීසි කතා කරන බව පෙන්වා දෙමිනි.

ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන ශාලාවේ ඊයේ (9) අප්‍රිකා ජනාධිපතිවරුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ඒ ට්‍රම්ප්ගේ සත්කාරකත්වය යටතේය.

ඊට සෙනෙගල් ජනාධිපති බසිරෝ ඩයෝමායි ෆායි, ගිනි-බිසාව් ජනාධිපති උමරෝ සිසෝකෝ, මොරිටානියානු ජනාධිපති මොහොමඩ් ඕල්ඩ් ගසාආනි, ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි සහ ගැබොන් ජනාධිපති බ්‍රයිස් ඔලිගුයි න්ගෙමා සහභාගී වූහ.

භෝජනය අතරතුරේ රාජ්‍ය නායකයන් තම තමන්ගේ භාෂාවලින් ට්‍රම්ප් සමඟ කතා කළ නමුත්, ට්‍රම්ප්ට ඒ කිසිවක් වැටහුණේ නැත. ප්‍රංශ යටත් විජිත ලෙස පැවැති ඇතැම් අප්‍රිකා රටවල නායකයන් කතා කළේ ප්‍රංශ බසිනි. ට්‍රම්ප්ට එය ද වැටහුණේ නැති අතර, ඔහු ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කරන අයුරු වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබේ.

ට්‍රම්ප් සමඟ පැහැදිලිව වචන උච්චාරණය කරමින්, ඉංග්‍රීසි බසින් කතා කළ එකම ජනාධිපතිවරයා ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි ය. “ලයිබීරියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ දිගු කාලීන මිතුරෙක්. ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ ඔබතුමන්ගේ ප්‍රතිපත්තිය අප විශ්වාස කරනවා. ඇමෙරිකාව අප රටේ ආයෝජන ඇති කර ගනීවි අප විශ්වාස කරනවා. ඒ වගේමයි ඔබ හමුවීමට අවස්ථාවක් ලබා දීම ගැන අප ඔබට ස්තුති කරන්න කැමතියි” යැයි ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි පැවැසූ විට ට්‍රම්ප් ඒ ගැන පැහැදීමට පත් විය.

“ඔබ හරිම ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා. ඔය තරම් ලස්සනට ඉංග්‍රීසි කතා කරනක්න ඉගෙන ගත්තේ කොහොමද?” යැයි ට්‍රම්ප් පෙරළා විමසීමක් කළේය.

ජනාධිපති ජෝසප් බෝකායි ඊට පිළිතුරු දුන්නේ, මද හසකිනි. එවිට ට්‍රම්ප් විමසා සිටියේ, “ඔබ ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තේ ලයිබීරියාවෙන් ද යනුවෙනි.”

ජනාධිපති බෝකායි ඊට “ඔව්” යැයි පිළිතුරු දුන්නේය. “බලන්න ඒක මොන තරම් අපූරුද? මේ මේසයේ ඉන්න අනෙක් කාටවත් ඉංග්‍රීසි බැහැ.” යැයි ට්‍රම්ප් පවසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

ජනාධිපති බෝකායිගේ ඉංග්‍රීසි කතා කිරීම සම්බන්ධයෙන් පුදුමයට පත් වීම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලයිබීරියාව නමැති අප්‍රිකා රාජ්‍යය බිහිවීම සම්බන්ධ ඉතිහාසය ගැන හරිහැටි නොදැන සිටීම නිසා සිදුවූවක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

ලයිබීරියාව බිහිවීම ඇමරිකානු ඉතිහාසයේ ඉතා සුවිශේෂී පරිච්ඡේදයකි. එය වහල්භාවය සහ ජනපදකරණය අතර ඇති සංකීර්ණ සම්බන්ධය මනාව පෙන්නුම් කරන්නකි. ලයිබීරියාව, 1822 දී බිහිවූයේ වහල් භාවයෙන් නිදහස් වූ කළු ජාතික ඇමෙරිකානුවන් සඳහා වූ ජනපදයක් ලෙසය. එය ඇමෙරිකාවේ සුදු ජාතිකයන් විසින්, විශේෂයෙන්ම ඇමෙරිකානු ජනපදකරණ සංගමය විසින් මෙහෙයවනු ලැබූ ව්‍යාපෘතියක් විය.

වහල්භාවය අවසන් වීමෙන් පසු ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගේ අනාගතය වෙනුවෙන්, විසඳුමක් ලෙස සුදු ජාතිකයෝ පිහිටවූ ජනපදය පසුවය ලයිබීරියාව බවට පත් විය. ස්වදේශීය භාෂා කීපයක් ඇති නමුත් ඉංග්‍රීසි යනු ලයිබීරියාවේ නිල භාෂාවය. එහෙයින්, ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි පැහැදිලිව ඉංග්‍රීසි කතා කිරීමට ට්‍රම්ප්ට පුදුමයක් වුවත්, එය ලයිබීරියාවේ ඉතිහාසය ගැන දන්නා අයට පුදුමට කරුණක් නොවන බව ද දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(ඒ.එෆ්.පී.)



අදහස් (12)

ඉංග්‍රීසි කතා කළ ලයිබීරියා ජනපතිට ට්‍රම්ප්ගෙන් පැසැසුම්

Nihal Thursday, 10 July 2025 08:23 PM

එංගලන්තය උතුරු අයර්ලන්තය හැර යුරෝපීය රටවල නායකයන් ඉංග්‍රීසි කතා නොකරන්නේ තම භාෂාව තවත් අවතක්සේරුවක් වෙන නිසයි. ඔවුන් ඉගෙනගෙන ගන්නේ නැත්තේ අවශ්‍ය නැති නිසයි. යුරෝපයේ අදාල රටේ භාෂාව නොදන්නවා නම් කිසිම දෙයක් කර ගත නොහැකිය. රුසියාව චීනේ කොරියාවේ බැනලා එලවාගන්න අවස්ථා නිතර දැකිය හැකිය...

:       2       28

janahitha uaeFriday, 11 July 2025 08:32 AM

ඔබ හරි. මම චීනයේ වැඩ කළා. ලංකාවේ කීවම හොඳින් සලකනවා. "නතරම " කිව්වේ "Speak Chinese" කියලා. ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව අදාළ නෑ. යටත් විජිතයක් නොවුණ නිසා, සිරිමාවෝ බණ්ඩාරනායක නම කියනකොට ඔවුන් ඒකට ඉතා ගෞරවයක් දක්වන්නෙ.

:       1       7

Nandalal DE SILVA - France Thursday, 10 July 2025 10:00 PM

ට්‍රම්ප්ට හිතෙන්න එයා විතරයි ඉංග්‍රීසි දන්නේ කියලා . පව්... අනේ... පව්, ට්‍රම්ප් මහත්තයා

:       1       6

kapFriday, 11 July 2025 11:53 AM

ට්‍රම්ප් කියන දේ සහ මෙතැන වෙනදේ ඉස්සරවෙලා හිතට අරගන්න.. තමන් ඉස්සරහා වෙන භාෂාවකින් කතා කරාම ඒක එයාට තේරෙන්නේ නැත්නම්, මේ කරන කතාවේ ඉංග්‍රීසි පිටපත මීට පෙර ට්‍රම්ප්ටත් දීලා නැත්නම්, ඒ මනුස්සයාට මළ පනිනවා තමයි. ඔයා ඉස්සරහත් කවුරුහරි දෙමළෙන් මොනවා හරි විස්තර කරනවා නම්, මොනාද ඔයාට හිතෙන්නේ...?

:       0       2

Kapila Friday, 11 July 2025 02:26 AM

ඇයි අපේ පච කොටාටත් පුළුවන්

:       11       11

Saman Amarasinha Friday, 11 July 2025 04:03 AM

ගොබ්බ රාල දන්නේ නෑ ලයිබීරියාවේ නිල භාෂාව ඉංග්‍රීසි කියල...

:       1       7

රුවන් Friday, 11 July 2025 07:00 AM

ලයිබිරියාව කියන්නේ අතීතයේ ඉදන්ම ඇමරිකාවේ රූකඩයක්. හොදම උදාහරණය ලිබියාවේ ජාතික ධජය, රාජ්‍ය ලාංඡනය. ලයිබීරියාව රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි. ලයිබීරියාව ඇමරිකාවෙන් නිදහස් වන්නේ 19වන සියවසේ වුවත් බළපෑම් කරනවා තවමත්. ලයිබීරියාව යපස්, රත්තරන්, දියමන්ති තවමත් ඇමරිකාවේ සමාගම් කුණු කොල්ලෙට මිලදී ගන්නවා. මේ කතාව ඉතින් ට්‍රම්ප් කියන්නේ හේතුවක් ඇතුව.

:       2       5

Asela Friday, 11 July 2025 07:55 AM

ආර්ථික සංසදය අතරතුර, වැඩකට නැති මෝඩයෙක් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත් කළ ආකාරය අපි දුටුවෙමු. මේ මිනිසා අන්තර් මාධ්‍යකරුවෙකු භාවිතා කළ යුතු නමුත් ඒ වෙනුවට පුරසාරම් දෙඩීමට අවශ්‍ය වූ අතර එය අතිශය ලැජ්ජාවකි, ඒ මෝඩයාට නොව ඔහු නියෝජනය කළ රටට. ජවිපෙ වහලුන් ඉංග්‍රීසි නොසලකයි හෝ නොදනී, වඩා වැදගත් වන්නේ ඔහු කිසිවක් නොදන්නා භාෂාවකින් කතා කර රටට නින්දා කිරීමයි. අපි එය පැහැදිලිව දුටුවෙමු. ජාත්‍යන්තර සංසදයේදී එය සම්පූර්ණ ලැජ්ජාවකි. බොහෝ මෝඩ ජේවීපී කාරයෝ/එන්පී කාරයෝ එකම ආකාරයෙන් සිතති.

:       2       10

janahitha Friday, 11 July 2025 08:27 AM

ට්‍රම්ප්ගේ ඉංග්‍රීසි පන්තියට බැසිල් මහත්තයාව යවන්න තිබුණා අපෙන් යන අයට ඔවුන්ගේ භාෂාව බැරි බව දන්වා යැව්වේ සජබ, පොහොට්ටු සහ ජවිපෙ අතහැර ගිය කණ්ඩායම් අපි අපේ භාෂාවෙන් ඇමතිය යුතුය. පරිවර්තකයෝ ඒ රටේ ඉන්නවා — ජපානය, චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම්, යුරෝපයේ බොහෝ රටවල් වල ප්‍රතාපවත් ලෙස ඔවුන්ගේම භාෂාවෙන්ම අමතනවා .ලංකාව වගේ රටවල මිනිසුන් තවම යටත් විජිතවාදයේම ඉන්න බලන ඉංග්‍රීසිය කතා කිරීම ලොකු කමක් ලෙස සලකන නහින ජාතියක්

:       6       3

Nickon Friday, 11 July 2025 09:17 AM

ට්‍රම්ප් ප්‍රශංසා කළේ පැහැදිලිව ඉංග්‍රීසි වචන නියමිත වියරණ සහ උච්චාරණය සහිතව පැවසීම පමණක් නොවේ. ඔහු පැසසුවේ තමාට ලයිබීරියානු ජනපති ලබා දුන් පැහැදිලි ප්‍රශංසාවයි. තමන් පසසන පුද්ගලයා ගැන පැහැදීමක් ඇති වීම ස්වාභාවිකයි. භාෂාව ඉගෙන ගත් පමණින් තවත් කෙනෙකුගේ සිත ඇදී යන ආකාරයෙන් කතා කළ නොහැකිය. ඒ සඳහා භාෂා හික්මීම, සැබෑ හැඟීම සහ පරෙස්සම් සහගත වචන තෝරාගැනීම අවශ්‍යයි.

:       0       5

යෝගා ඩෝබි Friday, 11 July 2025 09:32 AM

ඇයි, අපේ සීයාටත් හොඳට ඉංගිරීසි පුළුවන්. ට්‍රම්ප්ට ඒක පෙනුණේ නැද්ද? නොදොකින්

:       5       5

Hemantha Friday, 11 July 2025 12:43 PM

මෙතන හෑලි ලියන එකෙක් හරියට ඉංග්‍රීසි කතා කරනවද? මෙතැනටත් එන්නේ ඩෝබි වැඩේ කරන්න, අනේ මුන්ගේ ඉංග්‍රීසි...!

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 754 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site