( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ වරදට වසර 8 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කරමින් තමන්ට දුන් මහාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයෙකු ගොනු කළ අභියාචන පෙත්සමක් අද (01) අභියාචනාධිකරණයේදී ඉල්ලා අස් කර ගන්නා ලදී.
එම සිරදඬුවමට එරෙහිව ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයෙකු ඇතුළු තිදෙනෙකු ගොනු කළ අභියාචන පෙත්සම් තුනක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී තම අභියාචන පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන්නැයි චූදීත පොලිස් සැරයන්වරයා බන්ධනාගාරයේ සිට දිවුරුම් පෙත්සමක් මඟින් ඉල්ලා සිටියේය.
කුමුදිනී වික්‍රමසිංහ , දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.
චූදිත එම පොලිස් සැරයන්වරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විරුද්ධත්වයක් පළ නොකිරීම හේතුවෙන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලදී.
එසේම අදාළ චෝදනාවට මහාධිකරණය තීන්දුවෙන් සිර දඬුවම් නියමවූ සෙසු විත්තිකරුවන් දෙදෙනා එම දඬුවමට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් දිගටම පවත්වා ගෙන යාමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
එම අභියාචන පෙත්සම් ලබන සැප්තැම්බර් 09 වැනිදා කැඳවිමටද අභියාචනාධිකරණය දින නියම කළේය.
2010 ජනවාරි 15 වැනිදා ඉංගිරිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් කළණ තුෂාන් නැමැති තරුණයෙකු ඝාතානය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ එවකට ඉංගිරිය පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි රොෂාන් ද සිල්වා , පොලිස් සැරයන් මුදියන්සේලාගේ ජයසේන සහ පොලිස් රියැදුරු කොස්තාපල් දීප්ති ශාන්ත යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබීය.
එම නඩුව විභාග කළ මහාධිකරණය විත්තිකරුවන්ට සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවන් බවට 2015 ජුනි 18 වැනිදා තීන්දු කොට ඔවුන්ට වසර 8 ක් බැගින් වූ බරපතල සිර දඬුවම් නියම කළේය.එසේම රුපියල් 25,000 බැගින් වූ දඩ මුදල් ගෙවන ලෙස මහාධිකරණය චූදිතියින්ට නියම කරන ලදී.
එම මහාධිකරණ තීන්දුවට එරෙහිව චූදිත පොලිස් සැරයන්වරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනා මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයකු ගොනු කළ අභියාචන පෙත්සම ඉල්ලා අස් කරගනී‘