(යොහාන් භාසුර)

දරුවන් ආහාරයට ගන්නා ආහාරවල අඩංගු වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එවැනි ක්‍රියාමාර්ගයක් ගත හොත් එය දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇති බව ද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කීය.
‘ත්‍රීපෝෂ’වල ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රතිශතය සංශෝධනය කිරීමට ආණ්ඩුව ගටයුතු කරන බවට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.