
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ගඟක් තරණය කරමින් සිටියදී බෝට්ටුවක් ගිලී යාමෙන් අද (1) පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් නිලධාරියකු පැවසීය.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඩාරා දිස්ත්‍රික්කයේ ගඟක් තරණය කරමින් සිටියදී බෝට්ටුව ගිලී ඇති අතර කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු මෙලෙස මිය ගොස් තිබේ.
එරට ගම්වාසින්ට අනුව පුද්ගලයින් 25 දෙනෙකු බෝට්ටුවේ සිට ඇති අතර ඉන් පස් දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ.
එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් කියා සිටියේ මිය ගිය පස් දෙනා අතර පිරිමියකු, කාන්තාවක්, පිරිමි ළමුන් දෙදෙනකු සහ ගැහැණු ළමයකු ඒ අතර වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd