
(ටී.කේ.ජී.කපිල)
ටෙස්ට් තරගයකට,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේය
ක්‍රීඩකයන් පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 28 මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ .
මෙම තරගාවලියේ ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 02 දින සිට 06 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට නියමිත අතර එම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා දී තිබේ .
එක් දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 මහනුවර , පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පෙබරවාරි මස 09 , 11 සහ 14 යන දින වලදී පැවැත්වීමට නියමිතය .
විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පෙබරවාරි මස 17 , 19 සහ 21 යන දින වල පැවැත්වීමට සැළසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd