IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම්

ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කළහ.

කාන්තා විශ්ව විද්‍යාල වසා දමන බවත්, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් බවත් නිවේදනය කළේ ඇෆ්ගන් තලේබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේය. ඒ සමඟම තලේබාන්වරුන් රටේ බලය යළි අල්ලා ගනිමින් රජයක් පිහිටුවීය.

මේ වනවිට තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික වූ දලදඬු ෂරියා නීතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නංවා ඇත. තලේබාන්වරුන්ගේ නීති අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය පවා තහනම්ය.

(රොයිටර්)



අදහස් (13)

ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම්

Nalins Wednesday, 21 December 2022 06:41 AM

කාන්තාවන් සඳහා හොඳම දේ

:       21       9

sujeeawr Wednesday, 21 December 2022 08:31 AM

අපේ රටෙත් ඉතා සුළුතර පිරිසක් ඉන්නවා ඔය ක්‍රමයට කැමතියි. ඒ වගේ අයට ඇෆ්ගනිස්ථානය හොඳට ගැලපෙනවා.. හැබැයි අර කොණ්ඩය විතරක් වැහෙන විදිහට අඳින අපේ පැරණි මුස්ලිම් සහෝදරියො නම් අපේ රටට ගැලපෙනවා. ඒ අයට එහෙම අඳින්න ඉඩ දෙන ඒ අයගේ දෙමව්පියොත් අපේ රටට හොඳට ගැලපෙනවා. ඒ අය බොහොම සහනශීලී, සුහදශීලී හොඳ මිනිස්සු.

:       3       57

AlfreadWednesday, 21 December 2022 12:36 PM

ඉතා සුලු පිරිසක් ඉන්නේ ඕකට අකමැති අයයි මහත්තයා. එයාලා අපි හිතනවට වඩා ගොඩක් වෙනස් විදියට හිතන්නේ.

:       5       5

ලුම්බිණි Wednesday, 21 December 2022 08:44 AM

තලිබාන්ලගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       1       67

චන්දන Wednesday, 21 December 2022 09:35 AM

එක්සත් ජාතින්ගේ සංවිධානය , මානව හිමිකම් සංවිධානය වගේ ඒවට මේව පේන්නේ නැහැ . ලංකාවෙ වාතයක් පිටවුනත් උන්ට ගඳ දැනෙනව.

:       3       59

janahitha Wednesday, 21 December 2022 10:04 AM

අෆ්ගනිස්තනය 11 සියවස වනතෙක් බුදු දහම තිබුනග මෝගල් ආක්‍රමනයෙන් සියල්ල විනශ උනා එහි ජනතාව මෙම ඉතිහසය දන්නෙ නැහැ.

:       1       34

ලසන්ත Wednesday, 21 December 2022 03:12 PM

ඉගෙනුම ලැබුනොත් අතීතයේ දේවල් සොයාවි එවිට ඔවුන් සත්‍ය දැනගනීවි ඒකයි බයවෙලා අධ්‍යාපනය අහෝසිකිරීමට කටයුතු කරන්නෙ

:       1       4

Lalith M Wednesday, 21 December 2022 04:09 PM

දැනටත් බුදුදහම කියලා දෙයක් තියෙන ලංකාවේ භික්ෂුවගේ හැසිරීම බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලය පෙන්වනවා. පේන විදියට චීවරයට නම් විශ්ව විද්‍යාලය අකැපයි කියලා තේරෙනවා...

:       2       2

කිරිපුතා Wednesday, 21 December 2022 10:33 AM

ලෝකයම ඉදිරියට යනවිට නැවතත් ගල් යුගයක් කරා ඇදී යන අමුතු මිනිසුන් කොටසක්. මෙය ඒ රටේ සමස්ථ ජනයාගේ ආකල්ප නොවිය හැකියි. එබැවින් මෙවැනි පීඩන කොතැනක හෝ පුපුරා යෑමට පටන් ගනීවි. අහෝ එරට මිනිසුන් කර ඇති අකුසල කන්දක්.

:       2       37

Rohana Wednesday, 21 December 2022 11:17 AM

කාන්තාවක් වී ඉපදුනේ කාගෙවත් උවමනාවට නොවෙයි. කාන්තාවද පිරිමි වගේ මනුෂ්‍ය කොට්ටාශයකි. කාන්තාවන් නොමැතිව පිරිමින් ලොවට බිහිනොවේ. එබැවින් දෙපාර්ශවයටම සමව සැලකීම උතුම්ය.

:       0       19

ජයත් Wednesday, 21 December 2022 01:44 PM

තලේබාන්වරුන් කියන්නේ නුගත් පිරිසක්. මෙයාලාට මේ කර්මය පලදෙනවා. තිරිසන් ආත්මවලට ගිහිල්ලා අපා දුක විදි මේ කරන පව් වලට. ලංකාවෙත් මේකට කැමති අය ඒ රටට යවන එක හොදයි අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව ඉන්න

:       1       5

Bunny Preena Wednesday, 21 December 2022 02:21 PM

මුස්ලිම් කාන්තාවන්ට තහන්චි දාන තලිබාන් කාරයො පිස්සො ටිකක්. ඔවුන් ඉගෙන ගන්නෙත් නැහැ. ඉගෙන ගන්නා අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. පිඩුරු ගොඩෙ ඉන්න බල්ල වගෙයි.

:       0       6

sharm warn Thursday, 22 December 2022 10:47 AM

තලෙයිබාන්ලාගේ මේ සක්කිලි වැඩවලින් වැඩි වෙන්නේ ලංකාව වගේ පොඩිරටවල ඉන්න සමහර අන්තවාදී අදහස් තියෙන අය... ඊළඟට එයාලා පටන් ගන්නවා. ඒ ගොබ්බ වැඩ මෙහෙත් කරනවා. තලෙයිබාන්ලාට ගැහැණු මෙච්චරම ප්‍රශ්නයක් නම් ඒ රටේ ඉන්න ගැහැණුන්ව පිටුවහල් කරන්න කියන්නකෝ... ඒ කාන්තාවන් ලෝකයේ අනිත් ඕනෑම රටක සතුටින් නිදහසේ ජීවත් වේවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25152 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18148 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 588 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site