
ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කළහ.
කාන්තා විශ්ව විද්‍යාල වසා දමන බවත්, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් බවත් නිවේදනය කළේ ඇෆ්ගන් තලේබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේය. ඒ සමඟම තලේබාන්වරුන් රටේ බලය යළි අල්ලා ගනිමින් රජයක් පිහිටුවීය.
මේ වනවිට තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික වූ දලදඬු ෂරියා නීතිය සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නංවා ඇත. තලේබාන්වරුන්ගේ නීති අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය පවා තහනම්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් සඳහා හොඳම දේ
අපේ රටෙත් ඉතා සුළුතර පිරිසක් ඉන්නවා ඔය ක්‍රමයට කැමතියි. ඒ වගේ අයට ඇෆ්ගනිස්ථානය හොඳට ගැලපෙනවා.. හැබැයි අර කොණ්ඩය විතරක් වැහෙන විදිහට අඳින අපේ පැරණි මුස්ලිම් සහෝදරියො නම් අපේ රටට ගැලපෙනවා. ඒ අයට එහෙම අඳින්න ඉඩ දෙන ඒ අයගේ දෙමව්පියොත් අපේ රටට හොඳට ගැලපෙනවා. ඒ අය බොහොම සහනශීලී, සුහදශීලී හොඳ මිනිස්සු.
තලිබාන්ලගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
එක්සත් ජාතින්ගේ සංවිධානය , මානව හිමිකම් සංවිධානය වගේ ඒවට මේව පේන්නේ නැහැ . ලංකාවෙ වාතයක් පිටවුනත් උන්ට ගඳ දැනෙනව.
අෆ්ගනිස්තනය 11 සියවස වනතෙක් බුදු දහම තිබුනග මෝගල් ආක්‍රමනයෙන් සියල්ල විනශ උනා එහි ජනතාව මෙම ඉතිහසය දන්නෙ නැහැ.
ලෝකයම ඉදිරියට යනවිට නැවතත් ගල් යුගයක් කරා ඇදී යන අමුතු මිනිසුන් කොටසක්. මෙය ඒ රටේ සමස්ථ ජනයාගේ ආකල්ප නොවිය හැකියි. එබැවින් මෙවැනි පීඩන කොතැනක හෝ පුපුරා යෑමට පටන් ගනීවි. අහෝ එරට මිනිසුන් කර ඇති අකුසල කන්දක්.
කාන්තාවක් වී ඉපදුනේ කාගෙවත් උවමනාවට නොවෙයි. කාන්තාවද පිරිමි වගේ මනුෂ්‍ය කොට්ටාශයකි. කාන්තාවන් නොමැතිව පිරිමින් ලොවට බිහිනොවේ. එබැවින් දෙපාර්ශවයටම සමව සැලකීම උතුම්ය.
තලේබාන්වරුන් කියන්නේ නුගත් පිරිසක්. මෙයාලාට මේ කර්මය පලදෙනවා. තිරිසන් ආත්මවලට ගිහිල්ලා අපා දුක විදි මේ කරන පව් වලට. ලංකාවෙත් මේකට කැමති අය ඒ රටට යවන එක හොදයි අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව ඉන්න
මුස්ලිම් කාන්තාවන්ට තහන්චි දාන තලිබාන් කාරයො පිස්සො ටිකක්. ඔවුන් ඉගෙන ගන්නෙත් නැහැ. ඉගෙන ගන්නා අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. පිඩුරු ගොඩෙ ඉන්න බල්ල වගෙයි.
තලෙයිබාන්ලාගේ මේ සක්කිලි වැඩවලින් වැඩි වෙන්නේ ලංකාව වගේ පොඩිරටවල ඉන්න සමහර අන්තවාදී අදහස් තියෙන අය... ඊළඟට එයාලා පටන් ගන්නවා. ඒ ගොබ්බ වැඩ මෙහෙත් කරනවා. තලෙයිබාන්ලාට ගැහැණු මෙච්චරම ප්‍රශ්නයක් නම් ඒ රටේ ඉන්න ගැහැණුන්ව පිටුවහල් කරන්න කියන්නකෝ... ඒ කාන්තාවන් ලෝකයේ අනිත් ඕනෑම රටක සතුටින් නිදහසේ ජීවත් වේවි...