(අංජුල මහික වීරරත්න)
ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇතැයි රජය කියයි.
ඒ අනුව ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත් එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිත ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත.
එබැවින් අදාල ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සුදුසු බවට නිර්දේශ කර තිබේ.
ඒ අනුව ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට
රංබොඩ Tuesday, 02 April 2024 10:29 AM
ඒක නම් වටිනා ක්‍රියාවක්. දැන් ඒ වලව්ව ජාතික සම්පතක් සේ රැකේවි.
අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 10:56 AM
. ඇහැලේපොළ වලව්ව සංචාරක මධ්‍යස්ථානයක් කිරීමට විදේශීය සමාගමකට විකිණීමට සිත් පහල නොවිම සම්බන්ධ හා දළදා මාළිගාවට පැවරීම සම්බන්ධයෙන් සාදු කාරයක් දෙන්න පිංවතුනේ, ඊට පස්සේ රනිල් රාජපක්ෂට චන්දයකුත් දෙන්න.
Lional Seneviratne Tuesday, 02 April 2024 10:57 AM
විදුලි බිල මහජනතාවට....
සුරංග Tuesday, 02 April 2024 11:57 AM
රත්නපුර කෞතුකාගාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ලත් ඇහැලෙපොල නිළමේට අයත් ඔය කියන ආකාරයට ඉදිකල තැනක් කියලා ගොඩනැගිල්ලෙ ඉඉදිරිපස බැලුවම පේනවා
ගමේ එකාලා Tuesday, 02 April 2024 05:15 PM
රාජපක්ෂ පවුල් පාලනේ උන්නා නම් මෙලහකට වලව්වටත් වැඩේ දීලා.
සත්‍යපාල Wednesday, 03 April 2024 12:46 AM
ලංකාවේ වලව්කාරයින් කියන බොහෝ අය ළඟ තියෙන්නෙ විහාර දේවාලගම් පනතින් තමන් සතුකරගත් ඉඩම් මිස වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් නොවේ. මෙවා මහජන අයිතියට පත්කල යුතුයි.