IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇසළ පෙරහැර බලන්න යන්න දුම්රියවල මහ සෙනඟක්

(ඩයනා උදයංගනී)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන්‍ රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දුම්රියවලින් මහනුවර බලා ගමන් කිරීමට අතිවිශාල ජනකායක් පැමිණීම හේතුවෙන් එම දුම්රියවල දැඩි තදබදයක් පැවතිණි.

පෙරහැර මංගල්‍යය හේතුවෙන් මහනුවර දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ අතර එම දුම්රියන් ජනතාවගෙන් පිරී ඉතිරී ගමන් ඇරඹිණි.

මේ හේතුවෙන් අතරමැදි දුම්රිය ස්ථානවලින් එම දුම්රියන්ට ගොඩවීමට පවා මගීන්ට නොහැකි වූ අතර ඇතැමුන් දුම්රිය පා පුවරුවේ හා වහලය මතද නැගී අවදානම් ලෙස ගමන් කරනු ද දක්නට ලැබිණි.

මහනුවර බලා දුම්රියේ ගමන් කිරීම සඳහා ටිකට් ලබාගැනීමට දුම්රිය ස්ථානවල දිගු පෝලිම් ද පැවතිණි. 

(ඡායාරූප: හිමත් මතීෂ)



අදහස් (3)

ඇසළ පෙරහැර බලන්න යන්න දුම්රියවල මහ සෙනඟක්

පිටිගල මිලානෝ Thursday, 11 August 2022 11:26 AM

පෙරහර බලා කොරෝනා හදාගන්න.

:       0       1

කිරි පුතා Thursday, 11 August 2022 12:45 PM

වසර කීපයකින් අපේ මේ මහා ඇසළ පෙරහැර බලන්න ලැබෙන්නෙ. ඒ සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් ධාවනය කළා නම් වඩා හොඳයි

:       1       2

Saman Thursday, 11 August 2022 03:44 PM

ලංකාවේ මිනිස්සුන්ට කිසි අහේනියක් නෑ. රටට ඩොලර් අහෙනියක් නම් තියෙනවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site