ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් මොළයේ ස්ථිර ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ ජේමි ස්කොට් විසින් මෙම සුවිශේෂී මහාධිකරණ හමුවේ මෙම නඩුව ගොනු කර ඇත.
කොරෝනා වසංගතය පාලනය සඳහා හඳුන්වාදුන් එම එන්නත මගින් රෝගය පාලනය කිරීමට විශාල සහායක් ලැබුණු බව ද සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත වසරක් තුළ එන්නත් මාත්‍රා බිලියන 3ක් ලොවපුරා බෙදාරියේය. එම එන්නත නිසා ඇති කෝටි ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකිවූ බව ඇස්ට්‍රාසෙනෙකා සමාගම සඳහන් කරයි.
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත නිසා රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බව එම ආයතනය පිළිගැනීමෙන් පසුවය එන්නත බෙදාහැරීම හා ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට චෝදනා කරමින් ලොව පුරා විවිධ පාර්ශ්ව එම සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයන් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම රෝහලක් ඉදිරිපිට මල් ශාලාවක් තියෙන එකේ මොකට බියට හෝ කලබලයට පත්විය යුතුද ???
"කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයන් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවය." ..... ඇයි එතකොට ලංකාවේ එවුන් ඔටුවොද ?
අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොනවද කරන්න දන්නේ? පර්යේෂණ කරනවද නිකමටවත්?... අයිතිවාසිකම් වරප්‍රසාද පඩි සහ දීමනා සමාජයේ තමන්ට කුට්ටිය පිනට ඉගෙනගන්න අය හැර ගෙවල ඉගෙනගන්න කැමති අය කප්පාදුව පෞද්ගලික අධ්‍යාපන ආයතන විනාශ කිරීම .... වෙදකම නොවන ඕන දෙයක්...
ලෝකෙ හොඳම වෛද්‍ය විද්‍යාල සෞඛ්‍ය සේවාව කියල පම්පෝරි ගැහුවට කොරෝනා වලට කිසිම බෙහෙතක් හදා ගන්න බැරි උන අපෙ අය කරපු ලොකුම දේ තමා කොරෝනා ලංකාවට එන්නත් කලින් තමන්ගේ දීමනා වැඩි කර ගත්ත එක. ඊට පස්සෙ වෙන රටවල් වලින් හොයා ගත්ත බෙහෙත් ටික එනකන් සහ නේවි එකෙ කොල්ලො ගිහින් ඉන්දියාවෙන් ඔක්සිජන් ටික ගේනකන් බලන් හිටපු එක. කරන්න පුලුවන් උන එක තමා වෙන රටවල් වලින් දුන්න බෙහෙත් කිසිම අවුලක් නෑ කියල පම්පොරි ගහල මිනිස්සුන්ට විද්ද එක. දැන් බෙහෙත හදපු සමාගමත් පිළි අරගෙන බෙහෙතෙ සංකූලතා කිතියෙනව කියල. අපෙ උන් කියනව නෑ කියල. ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
තමන්ගේ බඩ වඩාගන්න හදපු ඔය සංවිධානය GMOA කියනවාට වැඩිය හොඳයි GONA කියලා දැම්මා නම්...!