IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇසට කාචයක් දැමීමට ගිය මවක ශල්‍ය කර්මයෙන් පසු මරුට

(හේමන්ත දි සිල්වා)

කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇතැයි කොළඹ අක්ෂි රෝහලෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.

මියගිය කත මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍ය කර්මය කළ අගේ ඇසේ ඇතිවූ අසාත්මික තාවයක් හේතුවෙන් ඇය යළි පෙරේදා (4) අක්ෂි රෝහලේ වෛද්‍යවරුන්ට පෙන්වා ඇත

එහිදී වෛද්‍යවරුන්ගේ නියමයකට අනුව යළි එම ඇසේ ශල්‍ය කර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට ඊයේ (5) දින ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

එසේ ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මියගොස් ඇතැයි පවුලේ ඥාතීහු පවසයි.

ශල්‍ය කර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය විස වීම නිසා මෙම මරණය වන්නට ඇතැයි පවුලේ ඥාතීහු සැකකරති.



අදහස් (8)

ඇසට කාචයක් දැමීමට ගිය මවක ශල්‍ය කර්මයෙන් පසු මරුට

Bamunuarachchi Thursday, 06 July 2023 05:30 AM

ඇසට කාච දැමීමේදී සිහි නැති කරනවාද? මගේ ඇස් දෙකටම කාච දැම්මා සිහි නැති කලේ නැහැ.

:       1       1

ගාමිණී Thursday, 06 July 2023 07:08 AM

කලාසූරී මොහිදීන් බෙග් මාස්ටර් මේවාගේම අවාසනාවන්ත සිද්ධියකින් තමයි අපෙන් වෙන් උනේ.

:       0       1

Samitha Senaka Aluthgamage. Thursday, 06 July 2023 07:29 AM

බෙහෙත් හා එන්නත් පරණ වෙලා.කල් ඉකුත් වෙලා.මේ බව සෞඛ්‍ය ඇමති හා අදාළ බලධාරීන් දන්නේම නැතිද ? එසේ නැතිනම්,දැනගෙන නොදැන වගේ ඉන්නවාද ? මේ ආකාරයට රජයේ රෝහල් වල රෝගීන් නිතර නිතර බල්ලන් බළලුන් මෙන් මියයන රටක විශාල වැටුප් හා සියලු පහසුකම් වරප්‍රසාද ලබනා සෞඛ්‍ය ඇමති වරයෙකු හා සෞඛ්‍ය බලධාරීන් සිටිනුයේ කුමන කෙන්ගෙඩියක් සඳහාද ?

:       1       14

Latha Thursday, 06 July 2023 09:27 AM

කිසිම කෙනෙක් කිසි දේකට වගකීමක් ගන්නේ නැති අවාසනාවන්ත රටක් .අපරාදේ අහිංසක මිනිස්සු

:       0       13

rani Thursday, 06 July 2023 09:43 AM

රජයේ රෝහල් මිනිස්සුන්ව සත්තු ගානටයි සලකන්නේ . රජයේ රෝහල් කියන්නේ රෝහල් සේවකින්ගේ අම්මා අප්පාගේ බුදලේ නෙවේ . මේ ක්‍රමය වෙනස් විය යුතුයි . ජනතාව ඊට විරුද්දව නැගී සිටීමේ කාලයයි මේ. අසරණ මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන රජයේ රෝහල් වල සේවකින්ට සහ දේශපාලකින්ට ශාප වේවා !

:       0       16

SirilThursday, 06 July 2023 10:16 AM

මේවා අපේ කරුම .කාටවත් කරන්න දෙයක් නෑ

:       7       3

PrabashThursday, 06 July 2023 11:08 AM

ඔය එහෙනම් කරුම කිය කියා හැමදාම බලන් ඉන්න අය...

:       0       0

Tikiri Thursday, 06 July 2023 09:46 AM

රජයේ රෝහල් මිනිස්සුන්ව සත්තු ගානටයි සලකන්නේ . රජයේ රෝහල් කියන්නේ රෝහල් සේවකින්ගේ අම්මා අප්පාගේ බුදලේ නෙවේ . මේ ක්‍රමය වෙනස් විය යුතුයි . ජනතාව ඊට විරුද්දව නැගී සිටීමේ කාලයයි මේ. අසරණ මිනිසුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන රජයේ රෝහල් වල සේවකින්ට සහ දේශපාලකින්ට ශාප වේවා !

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site