(ඉන්දිකා රාමනායක)
මීගමුව ප්‍රධාන පෙලේ හෝටල් සමුහයට සහ එහි හිමිකරුගේ නිවසට ඉකුත් මැයි මස 09 -10 දිනයන් හි ඇතුලු වු කළහාකාරි පිරිස එහි දේපළවලට පහර දී විනාශ කිරීමේ සිද්ධියේ දී එහි තිබු ගිනිඅවි හතරක් ද සොරාගෙන ගොස් ඇති බවට මීගමුව මුලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
අස්ථානගත ව ඇති ගිනි අවි දෙක අතර,0.38 රිවෝල්වරයක්, රිපීටර් ගිනි දෙකක්, හා බෝර 12 ගිනි අවියක් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ගිනි අවි හතර සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.
අරලියගහමන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර සහ අරගලකරුවන්ට ඉකුත් මැයි මස 09 දින එල්ල වු ප්‍රහාරයට විරුද්ධව රටපුරා ප්‍රචන්ඩකාරි සිදුවීම් මාලාවක් සිදු වු අතර, අරගලයට මුවාවී ඇතැම් පිරිසක් , ව්‍යාපාරික ස්ථාන, නිවාස හෝටල්, වලට පහර දී ගිනි තබා දේපළ කොල්ල කෑමක් ද සිදුකර තිබුණි.
මීගමුව ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍රයට ද ප්‍රහාර එල්ල කර ගිනි තබා එහි දේපළ සොරාගෙන ගොස් තිබු අතර, පසුව පොලිසිය කළ දැනුම් දීම අනුව එයින් කොටසක් පොලිස් ස්ථාන වෙත බාර දී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Did all of these weapons licenses had issued by ministry of defence?.
ගිනි අවි නම් නීත්‍යානුකූල ඇති නැත්නම් නැහැනේ ගත්ත පුද්ගලයින් ජේවීපීද තට්ටයාගේ අයද යන්න හොයන්න වෙයි
හෝටලයකට මොනවටද ගිනිඅවි..? ඒවා නීත්‍යානුකූලද? කාගෙවත් ගිණුම්වලට බැරකරන්න නම් කට්ටිය පෝලිමේ..!