(නිමන්ති රණසිංහ)
පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවකු වන, හිටපු රියාර් අද්මිරාල් නන්දන දියබලනගේ මහතා අද(27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇවන්ට්ගාඩ් නඩුව පවතින අතරවාරයේ ඔහු සිංගප්පූරුවට ගොස් තිබූ අතර, අධිකරණයෙන් ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබුණි.
ඒ අනුව අද(27) ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුවට හේතුව නාවික හමුදාව විශාල මුදලක් හම්බ කළ ආරක්ෂක ව්‍යාපාරයක් ‘ඇවන්ට් ගාඩ්‘ කියන පෞද්ගලික කොම්පැනියට බාරදීම . එදා ගෝඨාභයල නිදහස් උනේ ඔවුන් නිවැරදි නිසා නොවේ. නඩුව ගොනුකළ ආකාරය වැරදි නිසා. අපේ රටේ මාධ්‍ය ජනතාවට සත්‍ය වටහාදීමට කටයුතු කළ යුතුයි.
දැන් මේ නඩුව අහකට දාලා සියලු විත්තිකරුවන් නිදහස් කලානේ ජාතියේ මහා පුන්‍යකර්මයක් වගේ.එහෙම නඩුවකුත් නැතිනම් සියලු විත්ති පාර්ශව නිදොස් කොට නිදහස් නම් මේ මනුස්සයව මෙහෙම අත්අඩංගුවට ගත්තේ මොන පදනමකින්ද?
වැරදිකාරයා, වැරදිකාරයා කළ හැකි නීතියක් මේ රටේ හැදෙන්නේ කවදාද?
ලොක්කෝ නිදහස්? සොක්කෝ හිරේ? ලෝකේ කොහේ තියන නීතියක්ද මේ?
එතකොට සියල්ලටම අවසර දුන් ගෝඨා නිදහස්. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.
ගෝඨා එළියේ.මෙයා ඇතුලේ.අපිටත් මේවා අහන්න ලැබුනානේ .......
අධිකරණයට විරුද්ධව නඩු පැවරීමට අයිතියක් නැතිනම් ඒ සඳහාද ක්‍රමයක් ඇති කළ යුතුයි. එවිටයි නියම ප්රජාතන්ත්රවාදය බිහිවෙන්නේ.