(මනෝප්රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (5) නියම කළේය.
ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබඳව ලබන සඳුදාට (8) පෙර තමාට දැනුම් දෙන ලෙසද නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට වැඩිදුරටත් නියම කෙරිණි.
‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන්නැයි ඉල්ලමින් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කර ඇති නීතීපතිවරයා ඇවන්ට් ගාඩ් සභාපතිවරයා ඇතුළු 8 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කිසිඳු නීතීමය බාධාවක් නොමැති බවද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අමතරව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල, විශ්‍රාමික කොමදොරු විශ්වජිත් නන්දන දියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.බී. පේ‍්‍රමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න සහ ‘රක්නා ලංකා’ හිටපු සභාපති වික්ටර් සමරවීර නමැත්තන්ය.
‘ඉන්දි ඇවන්ට්ලාර්ඞ්’ නෞකාව ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ වශයෙන් පවත්වාගෙන ගිය බවත් එම නෞකාවේ තිබී විවිධ වර්ගවල ස්වයංකීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ 2,00,945 ක් සොයා ගෙන තිබු බවත් හෙළි වී තිබිණි.
එම තත්වය යටතේ අදාළ පුද්ගලයින් සැකකරුවන් වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ කටයුතු කර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නොපමාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර.. සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් ඉන්න මානසික රෝගියා?
ඔය වැඩේ මහා මොලකාරයා අත්අඩංගුවට ගන්න නියෝග නැද්ද?
මෙය ඩොලර් කෝටි ගණනක විදේශ විනිමය වංචාවක්. මේකේ හරි තොරතුරු හොයල මේ හොරාකාපු මුදල් රාජසන්තක කලා නම් රටට මොනතරම් යහපතක්ද.
අවුරුදු 4 1/2 න් පස්සේ දැන් පුදුම හදිස්සියක් නේ තියෙන්නේ... නඩු කඩිනමින් ඉවර කරන්න.
ජනාධිපතිවරණය ඉවරවෙනකන් මේවා ආයෙත් උඩ එනවා. ඡන්දෙන් පස්සේ ආයෙත් යට යනවා. තජුඩීන්, එක්නැලිගොඩ, ලසන්තගේ සිද්ධිත් මතුවෙයි.
කොහොම හරි මේ ආණ්ඩුව ඇවිල්ලා රටට කෝටි 1200ක් විතර ලැබුණු මාර්ගය නැතිකළා. ඒ මුදල් රජයට ආවා නම් මේ අය කීපදෙනෙක් ඒක හොරා කාලා ඉවර කරනවා. කලින් 2000ක් විතර ජීවත් කරවන්න සහය මේ ආදායමෙන් ලැබුණා.
අපේ මිනිස්සු නම් පුදුම ජාතියක්. මෙතන අදහස් දාන සමහරුන්ට පේන්නේ නැහැ. සමුද්‍ර මුර සේවය නාවික හමුදාවට පවරා ගත්තට පස්සේ කෝටි කීයක් නම් විදේශ විනිමය උපයා දුන්නද කියලා. මෙතුවක් කල් ඒ මහා ධනස්කන්ධය ගියේ පුද්ගලික සාක්කුවලට බව තේරුම් ගන්න බැරි තරම් පාට කණ්ණාඩි වලින් අන්ධ වෙලා. සමහරුන්ට නඩු ඉක්මන් කරන එකත් වැරදියි. මෙතෙක් හිටපු නිද්‍රාශීලී නීතිපතිවරුන් මෙන් නොව ඉතා කාර්යශූරයකු බව ඔප්පු කර තිබෙන ලිවේරා නීතිපතිතුමා නොපැමිණෙන්න. ඔය නඩු මේ කපේදී උසාවියට එන්නේ නැහැ...
ඔව් ඒ හැම වතාවෙම මිනිස්සු අනේ අපොයි කියලා රැවටිලා සුදුසු මනුස්සයව පරාද කරලා, නුසුදුසු මිනිසෙක් පත් කර ගෙන රට තව තවත් අඳුරට තල්ලු කරනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා පැරණි කියමනක් මම අහලා තියෙනවා. එහෙම මිනිසුන්ව රවට්ටන්න පුළුවන් බව දන්න නිසා ඔය කරණා හැම ඡන්දයකදීම සුපුරුදු පරිදි මතුවෙනවා. ජනතාවනි, රටේ අනාගතය ගැන සිතා බුද්ධිමත්ව ඡන්දය දෙන්න. ආයිත් නම් රැවටෙන්න එපා...