(ප්‍රසාද් රුක්මල්)

මන්නාරම සිට විනෝද චාරිකාවක යමින් සිටි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  24 කනුව ප්‍රදේශයේදි මාර්ගය අසල යකඩ වැටක ගැටී අඩි දහයක් පමණ රාවනාඇල්ල ප්‍රපාතයට පෙරලී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

මන්නාරම ප්‍රදේශයේ පිරිසක් පෞද්ගලික බස් රථයක් මෙම අනතුරට පත්ව ඇත.

එම පිරිස ඇල්ල රාවණාදිය ඇල්ල නරඹා යළි  ඇල්ල හරහා මන්නාරම බලා රාත්‍රි යමින් සිටියදී මෙම අනතුරට සිදුව ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වි ඇත. 

නුවරඑළියේ චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ධාවනය වූ බසයක් අඩි දහසක් පමණ ප්‍රපාතයට පෙරළී මාරාන්තික අනතුර සිදුවූ ස්ථානයේම මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. 

ආරක්ෂිත යකඩ වැටේ ගැටී  වැටත් කඩාගෙන ගොස්  ප්‍රපාතයට නොගොස් අනූනවයෙන් යකඩ වැටේ සිරවි නතරවී ඇති බවද ඇල්ල පොලිසිය සදහන් කලේය .