
(රෝෂන් තුෂාර)
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට ඇප නියම කරන ලෙස ඉදිරිපත් කළ අභියාචනය දෙවන වරටත් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද(16) නියෝග කළේය.
එකතු කළ අගය මත බදු පනතේ වගන්ති ප්‍රකාරව අභියාචන අයිතියක් වගඋත්තරකරුවන්ට නොමැති වුවද ,අභියාචනය ඉදිරිපත් කළ පළමු අවස්ථාවේම අදාල අභියාචනයක් බාරගෙන එය මහාධිකරණයට යොමු කර ඇති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම දෙවන වරටත් ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ
රනිල්ගෙනුයි රවිගෙනුයි අහල වැඩි විස්තර දැනගනිමු.
එතකොට කෝටි 355ක් බදු ගෙවීම පැහැර හැරියට දඬුවම මාස 06ක් හිරේ. ඒ මාස 6ක් හිරේ හිටියාම ඒ වරදින් නිදහස් වෙනවාද? ඒ මුදල ගෙවන්න ඕනෑ නැද්ද?
පවු, අහිංසකයා සොච්චම් මුදලකටනේ දුක් විඳින්නේ, ළඟපාත බැංකුවක්වත් නැද්ද දන්නේ නැහැ කඩන්න...
දේශපාලුවන්ගේ බලපුළුවන්කාරකමෙන් රටට වන්චා කරපු, රට බන්කොළොත් කරන්න දායක වෙචිචි හැම කෙනෙක්ම නීතිය හමුවට ගෙනයා යුතුමයි...
බදු නොගෙව්වොත් මාස 6න් පසු දේපළ රාජසන්තකයි. සමුපකාර නඩු බදු නඩු ඒකපාර්ශ්වික තීන්දුව දිය හැකියි...
මේ මනුස්සයා තියන් ඉඳලා තියෙන්නේ රජයේ මුදල්. ජනතාව රජේ බද්ද විදිහට අරක්කු බෝතලයක් ගද්දී ගෙවන මුදල තමයි මේ මනුස්සයා තියන් ඉඳලා තියෙන්නේ.