
(අංජුල මහික වීරරත්න)
ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියයි.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳව මම දැඩි සංවේගයට පත් වුණෙමි. මෙම අනතුරට ලක් වූ තංගල්ල මහනගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්.කේ රූපසේන මහතා ඇතුළු පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර සමස්ත මහජනතාව මේ සිදුවීම හේතුවෙන් දැඩි කම්පනයට පත් වී ඇත.
දැඩි බෑවුම් සහිත ස්ථානයක, අනතුරට ලක් වූ අපේම සහෝදර ජනතාවගේ ජීවිත බේරාගැනීමට දෙවරක් නොසිතා සටන් කළ, ඇල්ල ප්‍රදේශයේ සහ ඒ ආසන්න ප්‍රදේශවල ජනතාව ඇතුළු පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, වෛද්‍ය කණ්ඩායම් සහ ගිනි නිවීමේ ඒකකයන්හි සියලුම නිලධාරීන් පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට මාගේ හෘදයාංගම ගෞවරයත් ස්තූතියත් පුද කරමි.
නොසිතූ අන්දමින් සිදු වූ, රටම කම්පනයට පත් කළ මෙම අනතුරෙන් මිය ගිය සියලුම දෙනාට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්ලේදී ජීවිත බේරන්න කළ මෙහෙවරට නාමල් හිස නමයි
sam Friday, 05 September 2025 09:50 PM
ඇක්සිඩන්ට් වෙනකල් බලාගෙන ඉන්නේ 2029 ට ඡන්ද එකතු කරන්න. රටේ ඔක්කොම මෙහෙම මැරුණත් උඹට නම් එක වෙන්නේ නැහැ. වෙරි සොරි...
ගමේ එකාලා Friday, 05 September 2025 10:09 PM
තාජුඩින්ව අමානුෂිකව ඝාතනය කරවපු , සුදුවෑන් ඝාතන අතුරුදහන් කරවපු අයට පුදුම සන්වේදී හැන්ගීම් නේ පහළ වෙන්නේ...
Amal Friday, 05 September 2025 10:18 PM
අප්‍රසන්නයි දකිද්දීත්... තාත්තගේ නමත් කාලා තවත් කියව කියවා ඉන්නවා...
පිස්සු යකෙක් Friday, 05 September 2025 11:33 PM
තාජුඩීන්ට එක්නැලිගොඩට ලසන්තට එදා ඉශ්ඨ කරන්න බැරිවූ යුක්‍තිය දැං ඉශ්ඨ කරන නිලධාරීන්ටත් ඉදිරියේ දි හිස නමලා ආචාරය කරන්න වෙයි නේද?
සාලිය Saturday, 06 September 2025 07:29 AM
හාල් කෑලි ප්‍රොමෝට් කරන්න එපෝ...
Chandana Saturday, 06 September 2025 08:10 AM
හොදයි. අපි ඡන්දය නම් දෙන්නේ නෑ ඔයාට...
ජයනාත් Saturday, 06 September 2025 10:00 AM
කොහෙන් හරි ඡන්ද කෑල්ලක් කඩා ගන්න බලන්නේ. අර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගැන මුකුත් කියන්න බැරිවෙයි ද...?
යෝගා Saturday, 06 September 2025 11:12 AM
ළඟකදි ඡන්දෙකුත් නැත්නම් ආණ්ඩුවටයි, ඩෝබිලාටයි නාමල් භීතිකාව හැදිලා තියෙන්නේ ඇයි? ඇයි සජිත් භීතිකාවක් නැත්තේ? තමන් ෆේල්, නාමල් ඉදිරියෙන් කියලා දැනිලා...
කපුරුහාමි Saturday, 06 September 2025 03:33 PM
ජනතාව පන්නපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගෙන කයිවාරු ගහනවා?
Oscar Saturday, 06 September 2025 05:37 PM
විපතක් ඵනතුරු බලාගෙන ඉන්නවා... ලකුනු දාගෙන ඡන්ද රැස් කරන්න. සොරි ඩොට් කොම්...
චතුරි Saturday, 06 September 2025 06:13 PM
මෝඩ බේබි ස්තුතිය පලකරන්නේ උදව් කළ සැමට. මෙයාද ඒ පළාත් බාරව වැඩ කරන නගරාධිපති හො මන්ත්‍රි. නිකම් පිම්බෙන්න ඇවිත්. ලැජ්ජා වෙනවා. අන්න පාතාලේ කට්ටිය. නම් ටික කියනවා උද්ව් දුන්න කට්ටියගෙ.