
(අංජුල මහික වීරරත්න)
ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියයි.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳව මම දැඩි සංවේගයට පත් වුණෙමි. මෙම අනතුරට ලක් වූ තංගල්ල මහනගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්.කේ රූපසේන මහතා ඇතුළු පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර සමස්ත මහජනතාව මේ සිදුවීම හේතුවෙන් දැඩි කම්පනයට පත් වී ඇත.
දැඩි බෑවුම් සහිත ස්ථානයක, අනතුරට ලක් වූ අපේම සහෝදර ජනතාවගේ ජීවිත බේරාගැනීමට දෙවරක් නොසිතා සටන් කළ, ඇල්ල ප්‍රදේශයේ සහ ඒ ආසන්න ප්‍රදේශවල ජනතාව ඇතුළු පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, වෛද්‍ය කණ්ඩායම් සහ ගිනි නිවීමේ ඒකකයන්හි සියලුම නිලධාරීන් පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට මාගේ හෘදයාංගම ගෞවරයත් ස්තූතියත් පුද කරමි.
නොසිතූ අන්දමින් සිදු වූ, රටම කම්පනයට පත් කළ මෙම අනතුරෙන් මිය ගිය සියලුම දෙනාට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇක්සිඩන්ට් වෙනකල් බලාගෙන ඉන්නේ 2029 ට ඡන්ද එකතු කරන්න. රටේ ඔක්කොම මෙහෙම මැරුණත් උඹට නම් එක වෙන්නේ නැහැ. වෙරි සොරි...
තාජුඩින්ව අමානුෂිකව ඝාතනය කරවපු , සුදුවෑන් ඝාතන අතුරුදහන් කරවපු අයට පුදුම සන්වේදී හැන්ගීම් නේ පහළ වෙන්නේ...
අප්‍රසන්නයි දකිද්දීත්... තාත්තගේ නමත් කාලා තවත් කියව කියවා ඉන්නවා...
තාජුඩීන්ට එක්නැලිගොඩට ලසන්තට එදා ඉශ්ඨ කරන්න බැරිවූ යුක්‍තිය දැං ඉශ්ඨ කරන නිලධාරීන්ටත් ඉදිරියේ දි හිස නමලා ආචාරය කරන්න වෙයි නේද?
හාල් කෑලි ප්‍රොමෝට් කරන්න එපෝ...
හොදයි. අපි ඡන්දය නම් දෙන්නේ නෑ ඔයාට...
කොහෙන් හරි ඡන්ද කෑල්ලක් කඩා ගන්න බලන්නේ. අර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගැන මුකුත් කියන්න බැරිවෙයි ද...?
ළඟකදි ඡන්දෙකුත් නැත්නම් ආණ්ඩුවටයි, ඩෝබිලාටයි නාමල් භීතිකාව හැදිලා තියෙන්නේ ඇයි? ඇයි සජිත් භීතිකාවක් නැත්තේ? තමන් ෆේල්, නාමල් ඉදිරියෙන් කියලා දැනිලා...
විපතක් ඵනතුරු බලාගෙන ඉන්නවා... ලකුනු දාගෙන ඡන්ද රැස් කරන්න. සොරි ඩොට් කොම්...
මෝඩ බේබි ස්තුතිය පලකරන්නේ උදව් කළ සැමට. මෙයාද ඒ පළාත් බාරව වැඩ කරන නගරාධිපති හො මන්ත්‍රි. නිකම් පිම්බෙන්න ඇවිත්. ලැජ්ජා වෙනවා. අන්න පාතාලේ කට්ටිය. නම් ටික කියනවා උද්ව් දුන්න කට්ටියගෙ.