
(ප්‍රසන්න පත්මසිරි)
ඇල්ල රාවණා ඇල්ල අතර නිතර අධික ලෙස නාය යෑමට ලක්වෙන 16 කණුව ප්‍රදේශයේ කිරිදි ඔය නිමිනයේ හෝටලයක් ඉදි කිරීමට යැයි කියමින් විශාල භූමි ප්‍රදේශයක් මේ දින වල ඩෝසර් කරන බව ගම්වාසීහු පවසති.
පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇල්ල වැල්ලවාය මාර් ගයේ ඇල්ල 16 කණුව ප්‍රදේශයේ දි රාවණා කදුවැටිය නාය යෑමට ලක්වීමෙන් මාසයක් තිස්සේ පාර වසා තිබූ ප්‍රදේශයට පහළින් මෙම හෝටලය ඉදිකිරීමට භූමිය ඩෝසර් කරන බව ගම්වාසීන් කියන අතර පුංචි සිරිපාදය ද මේ භුමියට ඉහළ කදු වැටියක පිහිටා තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසී කිත්සිරි ජයසේකර මහතා මෙසේ පැවසීය.
‘ඇල්ල රාවණා ඇල්ල අතර තිබෙන 16 කණුව ප්‍රදේශයට පහළින් වනය මැද අක්කර ගානක් මේ දවස් වල බැකෝ කරනවා. වැස්සට සේදි යන පස් කිරිදි ඔයට මුසු වීමෙන් පහළ ගොවිබිම් සියල්ල විනාශ වී යනවා. මේ විනාශය කාටවත් පේන්නේ නෑ මෙතන හෝටලයක් හදන්නයි ඉඩම බැකෝ කරන්නේ. තාමත් නිළධාරීන් බළධාරීන් නිහඩයි. බැකෝ කිරීම දිගටම කරගෙන යනවා.’
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා මහත්මියගෙන් විමසු විට මෙසේ පැවසූවාය.
මෙතන දැඩි බෑවුම් වගේම නිතර නාය යන ප්‍රදේශයක් ව්‍යපාරික පුද්ගලයෙක් ඉදිකිරීමක් කරන්න භූමිය බැකෝ කරන බවට ගොවි ජන සේවා වගේම වෙනත් ආයතන වලින් හා මහ ජනතාවගෙන් මට පැමිණිලි ගොඩාක් ලැබුණා. සියලුම ආයතන සමඟ මම එතනට ගිහින් ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කළා. අක්කර ගාණක් බැකෝ කරලා. විශාල පරිසර හානියක් බව අපිට පෙනී ගියා.අපි වැඩ නැවැත්තුවා.ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය පරීක්ෂණයක් කළා එතැන ඉතාම අවදානම් බවට මට වාර්තාව ලැබුණා. බැකෝ කරපු භූමිය නැවත තිබු විදියට ස්ථාවර කරන්න කියලා ඉඩම් හිමිකරුට දන්වා තිබෙනවා. ඔහු එය පිළිගත්තා අක්කර 600 සින්නක්කර ඔප්පු තිබෙන බවට ඔහු අපිට ඔප්පුවක් පෙන්නුවා මෙතන කිසිම ඉදිකිරීමක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑතැයි ලේකම්වරිය පැවසූවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇයො ඔක්කෝටම හොඳටම කාසි පිස්සුව වැහිලද?
"...බැකෝ කරපු භූමිය නැවත තිබු විදියට ස්ථාවර කරන්න කියලා ඉඩම් හිමිකරුට දන්වා තිබෙනවා." දැන් ඉතින් රාජකාරිය ඉවරද? මේ කරපු වැඩේට කෝ දඬුවම්?
සතුට ඛෙරෙනවා... කියාගන්න බැහැ මෙ ජනතා නායකයෝ කියන අය ගැන...
ඔක නන්දසේනට කිව්වා නම් පරිසරයට හානි කරන්නේ නැතිව හෝටලේ හදන හැටි ගිහිල්ලම කියලා දෙයි.
හොදට තිබ්බ රටක්... අපි වැටිච්ච තැනක්... රෙස්පෙක්ට් සර්
උදැල්ලට මිටක් කපාගන්න ගොවියෙක් කැලේට ගියොත් මිටෙ අගල් ගාණට දඩ. නමුත් මෙවට මුකුත් නැහැ. පුදුම පිලිකුලක් දැනෙන්නේ ලංකාවෙ දේශපාලනේ ගැන.
පොඩ්ඩක් ඉන්න දැන් තමයි නිලධාරීන් දන්නේ හොයලා බලලා කියන්නම්.
ඩෝසර් කරලා අහවර වුනාට පස්සේ වැඩේ නැවැත්තුව එකනම් ඉතාම හොඳයි.
කොරෝනා අස්සේ කරපු අන්තිම ජඩ වැඩක්. කොහෙද නීතියක් තියෙන්නේ කිසිම පරිසර වාර්තාවක් නැතුව පරිසරයට හානි කරලා නැවත ස්ථාපිත කෙරුවම පවු හෝදාගන්න පුළුවන් කියලා.
මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලම කෙරුවේ පරිසරය විනාශ කරපු එක.
අක්කර 600 සින්නක්කර ඔප්පු තිබෙන බවට ඔහු අපිට ඔප්පුවක් පෙන්නුවා. මේ ඇත්ත නම් තත්ත්වය වෙනස් වෙනව නේද, පුවත සම්පුර්ණයෙන්ම කියවන්නේ නැතුව ප්‍රතිචාර දක්වපු අයගේ කියපුවත් එක්ක
විදේශිකයෝ ඔතනට එන්නේ සොබාදහමේ ලස්සන බලන්න , ඔහොම ඉවක් බවක් නැතිව සංචාරක නවාතැන් ගැහුවහම ඔතන කන්දට නැගලා වැඩක් නැහැ. තව අවුරුදු 3 ක් විතර යනකොට ඇල්ල කිසිම විදේශිකයෙක් එන එකක් නැහැ
මලක්කන් ආණ්ඩුව ඉතාම සූක්ෂම විදිහට ජනවාරි මාසේ ඉඳන් රටේ රක්ෂිත වනාන්තර, කැලා ඉඩම් එලි කරනවා. "ග්ලෝබල් ෆොරස්ට් වොච්" කියන ආයතනය ප්‍රස්ථාරයක් අනුසාරයෙන් හෙළි කල පරිදි, මුලින් ඇඳිරි නීතිය දමපු වෙලාවේ වනාන්තර එලි කිරීම් ගැන අනතුරු 4000කට අධික ගානක් තිබුනා. මම මේ ගැන වෙන තැනක ලිව්වට පස්සේ, ඒ ප්‍රස්ථාරය "පැතිලි" කරලා තිබුන. හේතුව රාජපක්ෂ ආණ්ඩුව බලපෑම් කරලා. මම නැවත ඇහැව්වා එක දවසට ප්‍රස්ථාරය වෙනස් වුනේ කොහොමද කියල. ඊට පස්සේ සැප්තැම්බර් මැද වෙනකොට, ලංකාවේ වනාන්තරය එලි කිරීම් ගැන අනතුරු ඇඟවීම් 10,000කට වඩා තිබුන. දැන් ඒ තොරතුරු පෙන්වන්නේ නැහැ. හේතුව ඒ ආයතනය තොරතුරු ගන්නේ චන්ද්‍රිකා තාක්ෂණයෙන්. පැහැදිලිවම රාජපක්ෂලා ඇමරිකාව හරහා මේ ආයතනයට තොරතුරු ලැබීම නතර කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ වනාන්තර කපකපා පෞද්ගලික අංශයට දීල ඔවුන් හරහා මේ වටිනා ඉඩම් ඇමරිකාවට විකුණන්න රාජපක්ෂලා ලොකු කුමන්ත්‍රණයක් කරනවා. නිහඬව බලා හිටියොත් ඔවුන් රට පරගැතියන්ට විකුණනවා. ඒ හින්දා සිංහලයන් සංවිධානය විය යුතුයි. බොරු කොරෝනාවක් අරන් ඇඳිරි නීතිය දාල තියෙන්නේ මේ පාවා දීම කරන්නමයි.
ඔප්පුව හොදයි..., පනත නරකයි.
බොහෝ රටවල, හිමිකාරිත්වය තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. බෑවුම් කැපීම සඳහා ඔබට අවසර පත්‍රයක් තිබිය යුතු අතර, එම බලපත්‍රය ලබා දීමට නිසි බලධාරියෙකු සිටිය යුතුය.
අපි පොඩි ගෙයක් හදන්න ගියාම තමයි රටෙ නැති මගුල් ඔක්කොම ... මෙවට කවුරුත් කට දාන්නෙ නැහැ.දැක්කත් නොදැක්ක වගේ ගාණට... ඔය වගේ තව හෝටල් තියෙනවා...ඔය හරියෙ අපරාදෙ පරිසර හානිය . කිසිම මිනිහෙක්ට ඔනැ නැහැ ගොඩනැගිලි බලන්න. පරිසරයට ආදරෙ කරන මිනිස්සුන්ට ඔනෙ ගහකොළ බලලා රස විදින්න විතරයි. ඔක අද නැතත් හෙට හදාවි. මෙ වගේ වැඩ කරන අමන රැලක් ඉන්න රටක් වුණු එකට දුකයි.
කැලෑවල් ලංකාවට වැඩක් නැහැ.. රෝහල් හදලා සංචාරක කර්මාන්තය සංවර්ධනය කළ යුතු දෙයක්. මෙවැනි රටට යහපත් වැඩවලට 69 ලක්ෂයක් ජනතාව සම්පූර්ණ අනුමැතිය දෙනවා. අනුමානයක් නැහැ.
මේ රජය නම් පරිසරය ගැන කිසිම තැකීමත් නෑ. මේ රජයේ සියලු දෙනාම පරිසරය විසින්ම ඉතා සුලු කලකදීම අතුගා දමනු ඇත.