(සමන් පාලිත නානායක්කාර සහ පාලිත ආරියවංශ)
ඇල්ල ප්‍රදේශයේ විදේශීය සංචාරකයන්ගේ නවාතැන්පළකට අද(20) අලුයම පස්කන්දක් කඩාවැටීමෙන් සංචාරකකයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතිකයන් තිදෙනෙකි. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද පිරිමි එක් අයෙකු ද සිටින බව පොලීසිය කියයි.
අලුයම 2.30 ට පමණ පැති බැම්ම සමග සිමෙන්ති ආවරණය සහිත නවාතැන්පළට පස්කනද් කඩා වැටී මෙම අනතුර සිදුවී ඇත.
ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - නිශාන්ත කුමාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්ල ප්‍රදේශයේ තිබෙන අවදානම් සහිත තැන්වල තියන් සංචාරක නිකේතන ගැන හොයලා බලලා දැනුවත් කළා නම් හොඳයි. ලොකු අනතුරක් වෙලා තවත් කළු පැල්ලමක් එකතුවෙන්න කලින්...