
(අංජුල මහික වීරරත්න)
මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ ඇල්ල බස් අනතුරට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් අතිශය කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
හිටපු ජනාධිපතිවරයා මෙසේද කියයි.
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ (04) සිදුව ඇති බස්රථ අනතුර පිළිබඳව අසා බෙහෙවින් කම්පාවට සහ ශෝකයට පත් වූයෙමි. තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ, නැවත යමින් සිටිය දී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් තංගල්ල නගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් පිරිසකගේ ජීවිත රැසක් අහිමි ව ඇති බවත්, තවත් බහුතරයක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ මෙම අනතුර මාගේ ගම් පළාත වන තංගල්ල ප්‍රදේශයේ සැමට අතිශය කණගාටුදායක කරුණක් බව මම දනිමි.
ඉතා අනතුරු දායක පරිසරයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් කඹ ආධාරයෙන් ප්‍රපාතයට බසිමින් ජීවිත බේරා ගැනීමට කටයුතු කළ විශේෂයෙන්ම තරුණ දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්, පොලිස්සිය ඇතුළු යුද හා ගුවන් හමුදා නිල දරුවන්, ගිනි නිවීමේ ඒකක නිලධරයන්, වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සැමට මාගේ ස්තුති පූර්වක ආචාරය පුද කරමි. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවේ සිහිපත් කරමි.
මෙම ඛේදනීය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පවුල්වල පිරිස ඇතුළු සියලු දෙනාට මාගේ බලවත් කනගාටුව පළ කරමි. බස් රථ අනතුරින් තුවාල ලැබූ සැමට ද, විපතට පත් පිරිස බේරා ගැනීමට යාමේදී තුවාල ලබා ප්‍රතිකාර ගනු ලබන ආදරණීය මිනිසුන්ට ද ඉක්මන් සුවය ලැබේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කාපට් කරලා හදලා දුන්නු පාරවල් ටිකේ හරයට බස්එකක් යවා ගන්න රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන්නවත් මේ අයට බැරිය...
ජනතාව රවට්ටලා බලයට ඇවිත් පෙන්වපු ආස්චර්‍ය ගැන දුකක් නැත. සුදුවෑන් අතුරුදහන් මිනිමෝරු කරවන කොට ,පව්ලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් වෙනකොට, පාස්කු ප්‍රාහාරය එල්ල වෙන තැනට වැඩ සිද්ද කරලා මිනිස් ජීවිත නැතිවෙන කොට තමුන්ගේ හදවත ගල්වෙලා තියෙන්න ඇති...?
මේ ගොල්ලෝ දුක්වෙනවා අහනකොට අපිට පුදුම හිතෙනවා.
පාස්කු ඉරිදා ගැන දුකක් දැනුනේ නැ නේද? දැං බයට නිකම්ම දුක පේනවා වගේනේ...
උබලා හදපු සිස්ටම් තමා මේවා, අපිත් යන්නේ ඔය ලොරි බස් වල, යන්න ලොරි බස් වල...
සුනාමියක් ඇවිල්ල දකුණේ මිනිස්සු දහස් ගාණක් මැරෙන වෙලාවේ ඒ සල්ලි තමන්ගේ ගිණුමකට දාගෙන දැන් මෙතන බොරුවට දේශපාලනය කරනවා මිනිස්සුන්ගෙ දුක ගැන...