
(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (28)පැවසීය .
මේ නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට දැඩි අවධානමක් දිනෙන් දිනම මතු වෙමින් පවතින බවද හෙතෙම කීය .
කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ මෙම නාය යාම 2019 වසරේ ආරම්භ වූ බවත් , මේ වනවිටත් එහි පදිංචිව සිටි පවුල් 13ක් ඉවත් කර ඉන් පවුල් 5ක් වෙනත් තැනක පදිංචි කර සෙසු පවුල් 8 නැවත පදිංචි කිරීමට සුදුසු ඉඩමක් සොයා ගෙන නිවාස තනා ගැනිමට අවශ්‍ය මූලික කටයුතු කර ඉදිරි මාස කීපය තුල ඔවුන් නැවත පදිංචි කිරිමේ කටයුතු ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා ගේ මැදිහත් වීම මත සිදු කරන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
උමාඔය උමං මාර්ගයට ජලය පිරවීම නිසා මේ කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සිදුවෙනවා කියලා ජනතාවගේ මතයක් තිබෙන බවත් , ඒ සම්බන්ධයෙන් මෙතෙක් ජලවිද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක පර්යේශනයක් සිදු කර නොමැති නිසාවෙන් ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරිම ට නොහැකි යැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීය .

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල නාය තවත් සක්‍රිය වේ
වැඩ පරක්කුගේ ලංකෝනිස් Sunday, 28 April 2024 03:30 PM
2019 සිට නාය යාම සිදුවන බවත් උමා ඔය උමගට ජලය පිරවීම නිසා ජනතා මතයක් තියෙන බව කියන දිසාපතිතුමා 2019 සිට අවුරුදු පහක් ගතවීත් මෙතෙක් ඒ සම්බන්ධ ජලවිද්‍යාත්මක හෝ භූවිද්‍යා පර්යේෂණාත්මක යමක් නොකල නිසා මතයක් ප්‍රකාශ කරන්න නොහැකි බවත් දිසාපතිතුමා ප්‍රකාශ කර ඇත. දැනට අපි නිදහස ලබා අවුරුදු 76 ක් වෙනවා. ඒක පහෙන් බෙදුවාම (අවුරුදු පහක් ගියාට විමර්ශනයක් නැහැ ඒක තමයි කියන්නේ) 15.2 යි මාලිමා රජයේ ඇමති කෙනෙක් වීමට නියමිත සමන්ත සහෝදරයා වත් මේ ගැන කිව්වාද කියලා ඇහුනේ නැහැ ඉතින් අවුරුදු 75 ක් හිටපු පාලකයෝ වැඩ කලත් මොකද වෙන්න ඇත්තේ කියලා කල්පනාවට ගන්න සැදැහැවතුනි...!
RuwanSunday, 28 April 2024 04:59 PM
සමන්ත විද්‍යාරත්න ගොඩක් දේවල් කිව්වා. ඔබලා වගේ අම්බරුවන් කනකටවත් නොගෙන රාජපක්ෂලාගේ හුරතලුන් බලයට පත් කරද්දී ඒ කියපු දේවල් ගණන් ගත්තෙ නෑනේ. දැන් කිව්වාද නැද්ද කියලා හොයන්න කලින් කරපු වැරැදි නිවැරැදි කරගන්න.
කොට්ටහච්චි Sunday, 28 April 2024 03:55 PM
උමා ඔයටත් ඉවුරෙ.. යයි.!
රනේ Sunday, 28 April 2024 04:10 PM
නායකයත් අවුල්. නැකතත් අවුල්. කරඳගොල්ලත් අවුල්. අනිත් ගොල්ලත් අවුල්. ලබන පාරවත් බලමු.
සෙනෙවිරත්න Sunday, 28 April 2024 05:25 PM
සමන්ත සහෝදරයා සියල්ල දතයුත්තෙක් නොවෙයි... ඔය පැත්තේ නාය යෑම් හැමදාම වෙනවා... රජයේ දිසාපති උන්නැහේ දන්නා තරම පේනවානේ, සමන්ත ඕවා කතාකරලා නමකුත් හදාගත්තා, දැන් මේකත් වෙන්නේ මොකද කියලා බලලා සමන්ත හරිද? වැරැදිද? කියලා කියමු...
ජයනාත් Sunday, 28 April 2024 06:33 PM
උමා ඔය ව්‍යාපෘතිය නිසා තිබුණු කාන්දුවක් වැඩි වෙන්න පුළුවන්... දේශපාලන වශයෙන් තමන්ගේ මතයේ නොසිට මෙවැනි දේ වෙන්න පුළුවන් කියන මතයේ ඉන්න එක හොඳයි. සමනල වැව ව්‍යාපෘතිය ගැන කතා කරනවාද? ඒකේ කාන්දුව දකින්නට ඇති. ඒක වෙනම උමං මාර්ගයක් වගේ විශාල කාන්දුවක්. පිළියමක් තවම නැහැ. විනාශය ගැන හිතෙන්නේ නැහැ...
CHANAKA Sunday, 28 April 2024 11:11 PM
හිටවල තියෙන ෆයිනස් ගස් ඉවත්කරල කොස්, අඹ ගස් හිටෙව්වා නම් හරි.