(සමන් පාලිත නානායක්කාර)

ඇල්ල හල්පෙ තේ වතු යායට ඉහළ පිහිටි කන්දේ රජයේ  කරපන්ටයින් රක්ෂිතයේ අද (05) දහවල් හටගත් විශාල ගින්නකින් අක්කර පහක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

පවතින  අධික උෂ්ණය හා වියළි  කාලගුණක තත්ත්වය සමඟ මෙම ගින්න වේගයෙන් පැතිර යන බවත් ප්‍රදේශවාසීහු පොලිසිය සමග එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළද එය ඉතා අසීරු කාර්යයක් වී ඇති  බවත් කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙලෙස පැතිර යන්නට ඇතැයි සැකකරන බව ඇල්ල පොලිසිය පවසයි. 

ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.