(ප්‍රසාද් රුක්මල් ) 

ඇල්ල කරදගොල්ල  මලිත්තගොල්ල  ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා පවසයි .

මෙම ස්ථානයේ  මීට පෙරද විශාල  බොරදිය ජලපහරක් ගලායමින් තිබූ අතර එම ස්ථානයේ පොලොව ද ඉරිතලා පුපුරා ගොස් තිබිණැයි හෙතෙම කීය .

මේ දිනවල වර්ෂාව නැතත් පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ යලි එම  ස්ථානයේ බොර දිය ජලපහරක් ගලායමින් පොලොව ඉරිතලා පුපුරා ගොස් නාය යාමේ අවධානම් තත්ත්වය  ඇතිව තිබේ.

එම පවුල් දැනට සිය නෑදෑයින්ගේ නිවෙස්වල තාවකාලිකව නතර වී සිටින අතර , ඔවුනට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු සිදු කර ඇතැයි ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේය .