(අයි.ආර්. ඉන්දික සහ ප්‍රසාද් රුක්මාල්)
වැල්ලවාය රාවණා ඇල්ලට නුදුරින් ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරින් 15 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
13 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිය අනුමාන තරයි.අනතුර පත්වූ බස් රථය අඩි 700 පමණ ප්‍රපාතයට පෙරලී ඇති අතර බස් රථයට දැඩි හනි දිදුව ඇයි ද පොලිසිය කියයි.
(අයි.ආර්.ඉන්දික,පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මල්)
වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී ප්‍රපාතයකට පෙරළුණු බසයේ සිටින තුවාල කරුවන් රාත්‍රී 1.00 වන විටත් ගොඩට ගනිමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසති. මිය ගියන ගණන 10 දක්වා ඉහළ ගොස් ඇති බවද දැන ගන්නට ඇත. 18 දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.
අදික අදුර නිසාත් ප්‍රපාතය ඉතා ගැඹුරු නිසාත් රෝගීන් ගොඩට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරිමට සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පොලිසියේ, යුද හමුදාවේ මෙන්ම ගුවන් හමුදාවේ ද සහායෙන් තවමත් තුවාල ලැබූවන් ගොඩට ගනිමන් සිටින බව ද පොලිසිය පවසයි. තුවාලකරුවන් බදුල්ල රොහලට ඇතුළත් කර ඇත.
තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් විනෝද චාරිකාවක් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. මෙම විනෝද චාරිකාවට 20ක අධික පිරිසක් එක්ව සිටි බවට ආරංචි මාර්ග කියයි. ඒ අතර කුඩා දරුවෝ ද වෙති. මෙම චාරිකාව සඳහා 36 දෙනකු පමණ එක්වී ඇතැයි කියති.
අනතුරට පත් වුවන් චාරිකාව අතර තුර ගත් ඡායාරූප කීපයක් අප වෙත ලැබී ඇත.




(අයි.ආර් ඉන්දික, ප්‍රසාද් රුක්මල්, පාලිත ආරියවංශ කේෂර ගුණතිලක, සහ ප්‍රසන්න පද්මසිරි)
තංගල්ල නගර සභාවේ සේවකයන් රැගෙන වන්දනා චාරිකාවක් ගිය බස්රියක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී අද (4)රාත්‍රී 9.20ට පමණ අඩි 1000ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් බසයේ සිටි සිව්දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
බස් රථය පාරේ ආරක්ෂිත කම්බිවැටද කඩාගෙන ඉවතට පෙරළී ගොස් තිබේ.
බස් රථ අනතුර සැලවීමත් සමඟ යුද හමුදාව, ගිනි නිවීමේ හමුදා භටයන් ඇතුළු සහන කණ්ඩායම් කඩිනමින් එහි කැඳවා තිබිණි.
බසය ප්‍රපාතයට පෙරළෙන අවස්ථාවේ පිටතට විසිවුණු නවදෙනෙකු පමණ ප්‍රපාතයේ සිට මාර්ගයට රැගෙනවිත් ගිලන් රථ මගින් බදුල්ල ශික්ෂණ රෝහලට යවා ඇතැයි පොලිසිය පවසයි.
මේ වනවිට සොයාගත් තුවාලකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක් ද සිටිති.
අනතුර සිදුවූ ස්ථානයේ දැඩි අදුරක් පැවති හෙයින් තුවාලකරුවන් සොයාගැනීමේ මෙහෙයුම් සඳහා දැඩි බාධා මතුව තිබේ.


ඇල්ල වැල්ලවාය මාර්ගයේ අද(04) රාත්‍රියේ බස් රථයක් ප්‍රපාතයට පෙරලී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරට පත් බස්රථයේ ගමන් ගෙන ඇත්තේ තංගල්ල නගරසභාවේ සේවයේ නියුතු සේවක පිරිසක බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.
අනතුර සිදු වූ ස්ථානයේ පවතින දැඩි අඳුරු බව නිසා එම ස්ථානයට ලඟාවීම අපහසු බවද තුවාලකරුවන් කිහිපදෙනෙකු මේ වන විට එම ස්ථානයේ ඉවත් කරගෙන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එකාටම ලංකාවේ කදුකර ධාවනයට ඉඩ දෙන්න එපා. ලයිසන් එකට අමතරව කදුකර ධාවන රියදුරන්ට පරීක්ෂණයකින් පසු යෝග්‍යතා සහතිකයක් නිකුත් කරන්න පියවර ගන්න.
අනතුර ගැන කණගාටුයි. නමුත් පසුගිය වසර කිහිපය තිස්සේ සිදුවූ මාර්ග අනතුරු විශාල සංඛ්‍යාවක් සිදුවුණේ රාත්‍රී කාලයේදී. අපේ අය කාලය ඉතුරු කරගන්න කියලා රෑ ගමන් යාමේ පිළිවෙලක් පහුගිය අවුරුදු 10ක් පමණ තිස්සේ කරනවා. ජීවිතයේ දවස් දෙක තුනක් වගේ කෙටි කාලයක් ඉතුරු කරගන්න ගිහින් දිගු කාලයක් හෝ ජීවිතයම නැති වෙලා ඉවර වෙනවා. රෑ දවල් දෙකේ ගමන් යාමේ ඇති වෙනස්කම් සහ වඩා අවදානම් මොනවාද කියලා හිතන්නේ නැතුව වැඩ කිරීමේ ප්‍රතිඵල අන්තිමට දුකක් විතරක් ඉතුරු කරනවා...
පුදුමෙ කන්ද නගිනකොට ඕක වෙච්ච එක, කරුවලේ වාහනයකට ඉඩදුන්නාද නැත්නම් වංගුවක් ගන්න අමතක වෙලාද , ආසන පටි දෑව නම්. මරණ අඩුවෙන එක සහතිකයි.
ලංකාවෙ මුලින්ම ජෙප්පො බලය ගත්තු නගර සභාවේ කට්ටියක්නේද අති දුෂ්කර කදුබෑවුම් සහිත මාර්ගවල රාත්‍රියේ අවේලාවේ වීදි සංචාරය නොකළ යුතුයි. බුදුවීමට නොසලකා කටයුතු නොකිරීමේ විපාක තමයි අපරාදේ ජීවිත හානි...
නීති ක්‍රියාත්මක කරන්න ආපු එවුන් බුදි. මුන් ඉන්නකොට යුද්ධය එහෙම තිබුනා නම් හිතාගත්තැකි වෙන දේ...
රථවාහන අනතුරක් නම් මහා පොදු සාධක අනුපිළිවෙළට ත්‍රීවීල් බස් ලොරි ටිපර් බයිසිකල් බට්ටෝ. මේ වගේ විනාස වලට එක හේතුවක් තමයි අපේ මිනිස්සු ආත්මාර්ථකාමී සහ ආවේගාත්මක විදිහට පාරේ ධාවනයට පුරුදු වෙලා තියෙන එක. කාටවත් second වෙන්න කැමතිත් නෑ... පාරේ තමන් විතරයි කියල හිතාගෙන එලවන්නේ... අන්තිමට එක්කෝ කාවහරි යටකරගෙන යනව නැත්නම් මේ වගේ අනතුරක් කර ගන්නවා...