(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු රෝහල් වාට්ටුවෙන් පැන ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු කිසියම් රෝගාබාධයක් සදහා ඌරගස්මන්හංදිය රෝහලට ඇතුළත් වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇල්පිටිය මූලික රෝහලට මාරුකර එහි ප්‍රතිකාර ලබමින් සිට ඇත.
ඔහුගේ පී.සී.ආර්.පරීක්ෂණයක් සිදුකර ඇති අතර එම පරීක්ෂණ වාර්තාව ලැබී තිබේ. ඒ අනුව ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති අතර ඒ වනවිට මෙම රෝගියා රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහල් බලධාරීන් මේ පිළිබදව ඇල්පිටිය පොලිසියටද පැමිණිලි කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇල්පිටිය රෝහලේ සිටි කොරෝනා ආසාදිතයකු පැන යයි
takaran Wednesday, 03 March 2021 04:37 PM
දුටු තැන වෙඩි තියනු...
Kasun Thursday, 04 March 2021 05:34 AM
ඔය පැනලා යන්නේ මොලයක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ. කොරන්ටයින් කියන්නේ විකාරයක් කියලා හැමෝම දන්නවා.