
(ජේ.ඉඳුරුවගේ)
පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින් සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණයේ දී සුළැඟිල්ල සලකුණු කර ඇති බැවින් ඡන්ද විමසීම් ආඥා පනතට අනුව ඡන්ද දායකයා ලකුණු කිරීම සම්බන්ධයෙන් මතු විය හැකි ගැටළුව නිරාකරණය කිරීම සඳහා මෙලෙස වමතේ මහපටඟිල්ල සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (16) දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කළේය.
මෙහිදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටඟිල්ල නොමැති අවස්ථාවක දකුණු අතේ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සළකුණු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව එම ගැසට් නිවේදනය මගින් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණය සදහා සළකුණු කල ඒවා තවමත් තියෙනවා මහ මැතිවරණය සදහා වෙන ඇගිල්ලක් සළකුණු කරන්න ඊළඟට පලාත් පාලන මැතිවරණය සදහා තවත් ඇගිල්ලක් හා පළාත් සභා සදහා ඇගිල්ලක් ගත්තාම එකක් ඉතිරි වෙනවා ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසක් කරන්න හෝ පළාත් සභා අවශ්‍යද කියලා ජනමත විචාරණයක් තියන්න එතකොට හැමදාම ඡන්ද තියතියා ජනතා පරමාධිපත්තිය රකිමින් ජනතා මුදල් නාස්ති කරන්න පුළුවන් වේවි.
ඇඟිලි පාටකරන යල්පැනගිය ක්‍රම පාවිච්චිකරන්නේ ඇයි? ජාතික හැඳුනුම්පත ඡන්දය දැමීමට අවශ්‍ය වනනිසා ඡන්ද දායක ලැයිස්තුවේ සිටිය යුත්තේ එකම නමක් හා හැඳුනුම්පත් අංකය ඇති කෙනෙක් නම් තාක්ෂණිකව එම පුද්ගලයාගේ නම වෙනත් තැනක තිබිය නොහැක්කේ පරිඝනක තාක්ෂණයෙන් එය නිවැරැදි බව පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකිවීම නිසයි.