(ගයාන් සූරිය ආරච්චි,සුසිල් ප්‍රියන්ත සහ ජනත් ද සිල්වා)

ඇල්පිටිය පිටිගල ගුරුවෙල හන්දිය ප්‍රදේශයේ වෙළෙන්සලක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය සිදුකිරීම හා තවත් පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අපරාධය සැලසුම් කළ බව කියන පුද්ගලයකු තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35ක තල්ගස් වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් යතුරු පැදි දෙකක් සහ දුරකථන තුනක් පොලිස් භාරයට  ගෙන තිබේ.