(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ 7කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
නීතිඥවරයකු ධාවනය කළ මෝටර් රථයක මෙසේ අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය 7කණුව ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රලතා මල්කාන්ති නැමැති 55 හැවිරිදි කාන්තාවකි.
රියැදුරා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd