IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇඹිලිපිටිය ස්කෑන් යන්ත්‍රය ලෙඩ වෙලා මාසයක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සීටී ස්කෑනර් යන්ත‍්‍රය මාසයකට ආසන්න කාලයක සිට ක‍්‍රියා විරහිතව ඇති නිසා රත්නපුර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත‍්‍රික් වල විශාල රෝගීන් පිරිසක් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි මහජනතාව පවසති.

කහවත්ත, බළන්ගොඩ සහ කොළොන්න යන රත්නපුර දිස්ත‍්‍රික්කයේ මූලික රෝහල්වලින් සහ තංගල්ල, වලස්මුල්ල, කඹුරුපිටිය, ආදාපාන යන රෝහල් වලින්ද රත්නපුර ශීක්‍ෂණ මහරෝහලේ සීටී ස්කෑනර් යන්ත‍්‍රය අක‍්‍රීය වු අවස්ථාවල එම රෝහලෙන් ද සීටී පරීක්‍ෂණ ස`දහා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රෝගීන් එවති.

පිළිකා, ආඝාත හෙවත් අංශභාග, හදිසි අනතුරු, ස්නායු ආබාධ සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී සීටී ස්කෑනර් පරීක්‍ෂණ වාර්තා වැදගත් බව වෛද්‍යවරු පවසති. ඇඹිපිටිය රෝහලේ සීටී ස්කෑනර් යන්ත‍්‍රය පසුගිය ජූනි මස 25 දින සිට ක‍්‍රියා විරහිතව පවතී.

මේ සම්බන්‍ධයෙන් රෝහල් බලධාරින්ගෙන් කළ විමසුමකදී ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සිටී ස්කෑනර් යන්ත‍්‍රය අක‍්‍රීයවි ඇති බව සත්‍යයක් යැයි කීවේ ය. ඇඹිලිපිටිය රෝහලේ සීටී පරීක්‍ෂණ අවශ්‍ය රෝගීන් හම්බන්තොට මහ රෝහලට ගිලන් රථ මගින් යවන බවද රොහල් ප‍්‍රකාශකයා කීවේ ය. ස්කෑනර් ගෙන්වු සමාගම් ඔවුන්ට මුදල් ගෙවීමට ඇති නිසා අලෙවියෙන් පසු සේවාවන් සපයන්නේ නැති බව සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයෝ කියති. ඒ වෙනුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජීව ඉංජිනේරු ඒකක මගින් අලූත්වැඩියා කිරිම් සිදුකරන බවද එම නියෝජිතයෝ කියති.

 



අදහස් (4)

ඇඹිලිපිටිය ස්කෑන් යන්ත්‍රය ලෙඩ වෙලා මාසයක්

Kalana Friday, 19 July 2024 06:31 AM

ඕවා හදන්න සල්ලි නෑ... ඒ සල්ලි අස්වැසුම කියලා නිකමුන්ට බෙදනවනේ ඡන්දේ බලාගෙන...

:       0       0

Ranchaagoda Friday, 19 July 2024 06:37 AM

මම දන්නා හැටියට නම් කඹුරුපිටිය හා ආදපාන කියන්නේ එකම රෝහලක් තමයි මාතර මහ රෝහල හා ගාල්ලේ ජාතික රෝහලක් තියෙද්දී දුරකතර ගෙවාගෙන රෝගීන් ඇඹිලිපිටියේ රෝහලට ගේන්නේ රියැදුරන්ට හා සේවකයින් සඳහා බටා ගෙවන්න වෙන්න ඇති කියලා හිතෙනවා...

:       0       0

වීරවි Friday, 19 July 2024 08:07 AM

පිස්සුද ඔවා හදන්න. ජනාධිපති රටවල් වලට යන්නැද්ද.. කෝටි 800 මදිත් ඒක්ක.. ඒ උත්තමයාට..

:       0       1

Hafeel Friday, 19 July 2024 02:25 PM

අපි ඇත්ත තත්වය කතා කරමු ,2020 ට පෙර කන්ජිපනි එමිරේට් රටේ හැංගිලා හිටියත් , ඔහුට විරුධව බරපතල ගනයේ නඩු 20කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ අධිකරණවල තිබුණ , ඔහු රට සිටි කාලය තුල මේ නඩු සියල්ල වරෙන්තුවෙලා තිබෙන්න ඕනේ පොලිසිය හොඳාකාරව මේක දනී , එහෙම තිබෙද්දී එක නඩුවකින් ඇප ලබා එළියට යනකොට අධිකරණයේ සිටින පොලිස් නිලධාරීන් ඔහු අනෙක් නඩු වලට අවශ්‍යවෙලා තිබෙන නිසාත් එම නඩුවලට ඔහුට තවම ඇප ලැබිලා නැති බවත් අධිකරණයට දැනුම්දී ඔහු එලියට යනවට අධිකරණයේදී විරුද්ධ නොවුයේ කුමන කරුණක් නිසාද කියල අපි විශ්ලේෂණය කරන්න ඕනේ .? එලියට ගිය කන්ජිපනි ගැන 2020 පසුව කිසිම ඇසින්දුටු පිළිගත හැකි සාක්ෂියක් නැත , එක්කෝ ඔහු සුදුවෑන් එකකින් උස්සල මැරුවා , එහෙම නැතිනම් යම්කිසි රහස් තැනක සිර කරගෙන ඉන්නවා , ඔය ෆේස් බුක් සහ සමාජ මාධ්‍යවල සංසරණය වන යෝට් එකක ගත්ත කියන උපන්දින සාදයේ ඔහු ඉන්න බවට කිසිම සාක්ෂියක් නොමැති අතර ඔහුගේ නම භාවිත කරමින් යම්කිසි කල්ලි සහ කණ්ඩායම් කප්පන් ගන්න එක සහ මත්ද්‍රවය ජාවාරම් කරන බව පෙනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site