
(අජිත්ලාල් ශාන්තඋදය, රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කා)
සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ්බාරයට පත් කෙරුනේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරි වයි.එම්.පී බණ්ඩාර, හිටපු ලේකම්වරයෙකු වු සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර සහ හිටපු විෂය ලිපිකරුවෙකු වු විතාරණගේ අමල් තුෂාර යන තිදෙනාය.
2016 සහ 2017 වර්ෂ සදහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ විවිධ ව්‍යාපෘතිවලට යෙදවීමේදී ව්‍යාපෘති 77කට අදාලව, රුපියල් 7,16,45,226.32ක මුලදල් වංචා කිරිම සම්බන්ධයෙන් 2023 ජනවාරි 20 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බමුණුආරච්චිගේ චාමර ප්‍රේමනාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව පැමිණිලි කරතිබුණි.
රුපියල් 71645226.32ක මුදලක අලාභයක් සිදුකිරිම,එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූඨ ලේඛන සකස් කිරිම,පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අතඅඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මැතිවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් ඇත්තටම පළාත් පාලන ආයතන රටට විශාලම බරක් වෙනවා එක් ආයතනයක හිටපු කෙනෙක් හැටියට තාක්ෂණ නිලධාරි සැපයුම් නිලධාරි ගබඩාභාරකරුවන් කියන්නේම හොරුම තමයි එනිසා දැන්වත් ඔය ආයතන වෙනුවට යෙදීමට පහසු අඩුම වියදම් විකල්ප තියෙනවා... ඒවා ක්‍රියාවට නංවා ඔය දූෂිත ආයතන වසාදැමීමට කටයුතු කළොත් 90% ක් පමණ ජනතා මුදල් නාස්තිය වළක්වන්න පුළුවන් වේවි...!
මේ ආයතන අහෝසි කලයුතුයි කියන මානසිකත්වය ජනතාවට ඇතිවී තිබෙන්නේ හිටපු දූෂිත ප්‍රෝඩාකාරී හොර තක්කඩි දෙශපාලුවන් හා දූෂිත නිලධාරීන් කරන ලද ක්‍රියාවන් නිසා ඇතිව ඇති ප්‍රතිඵල හා බලපෑම් අවබෝධ වීම නිසයි.නමුත් මේ ආයතනවල රාජකාරී හරියට යෙදවුව හොත් මේ රට ගොඩනැගිය හැකියි.ඒ සඳහා වංචා වැලැක්වීමේ සුදුසු පද්ධති යාන්ත්‍රණ ස්ථාපනය කලයුතුයි.ඕනි හොරෙකුට හොරකම් කල නොහැකි පද්ධති ගෙන ආ යුතුයි.
රටේ පළමු පුරවැසියා පටන් වැඩිහරියක් හිටියේ හොර දූෂිත දේසපාලුවෝ ? රට මේ තරමට හරි තිබුනු එකත් පුදුමයි?