
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කරනු ලැබීය.
මෙට්‍රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු විය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය.
කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය.
ජාතික කඩදාසි සංස්ථාවට අයත්ව තිබු ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත විදෙස් රටවලින් කඩදාසි ගෙන්විමට කටයුතු කිරිමෙන් පසු 2003 වසරේදි වසා දමන ලදී. ඉන් පසු අවස්ථා කිහිපයකදි එහි තිබූ යන්ත්‍ර සූත්‍ර යකඩ ආදිය ගලවා පරණ යකඩ වලට විකුණා කම්හල ගොඩනැගිලිවලට සහ යන්ත්‍ර සුත්‍ර කිහිපයකට පමණක් සීමාකර තිබුණි.
පසුව රජය සමග ඒකාබද්ධව ඇඹිලිපිටිය පේපර් මිල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් k S P A පැකේජිං පුද්ගලික සමාගම විසින් පසුගිය අවුරුද්දේ යළි සංවර්ධනය කරනු ලැබීය. නව යන්ත්‍රසුත්‍ර ආදිය සවිකර මුලින්ම 70පට සහ 150පට ප්‍රමාණයේ කර්මාන්ත කඩදාසි නිෂ්පාදනය ආරම්භ කරන ලදි. මෙරට අබළි කඩදාසි නිෂ්පාදන මූලද්‍රව්‍ය ලෙස යොදා ගැනුනි.
දේශීය ව්‍යාපාරික සහ ව්‍යවසායක අනුරත් අබේරත්න මහතාගේ ‘අනුනයින්’ සමූහ ව්‍යාාරයේ පුද්ගලික සමාගමක් ලෙස ඇඹිලිපිටිය කඩදාසි කම්හල ක්‍රියාත්මක වෙයි.
මේවනවිට රටවල් දොළහකින් විදේශ ඇනවුම් ලැබී ඇති බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා සඳහන් කළේය. ශ්‍රීලංකාවේ කාර්මික කඩදාසි වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් බව කී ඔහු ඇඹිලිපිටිය කම්හලෙන් මෙටි්‍රක් ටොන් අනූදහසක් නිපදවිය හැකි බව ද කීවේ ය. ඉදිරියේදී ලංකාවේ අවශ්‍යතාව සපුරාලීමට කම්හලේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම ඉලක්කය බවද සඳහන් කළේ ය.
එසේම මෙතෙක් ලංකාවේ අබළි කඩදාසි විදෙස් රටවල වලට අපනයනය කෙරුණ අතර මේවනවිට එම අපනයන කළ අබළි කඩදාසි ඇඹිලිපිටිය කම්හල මගින් මිලදි ගෙන අගය වැඩිකරමින් කඩදාසි නිෂ්පාදනය කර විදේශ විනිමය උපදවන බවද කීවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබ පැතුම් සහ අනේ මේක රනිල් ගොයියාට නම් පෙන්නන්න එපා... මොනවා හරි කරලා මේක පිටරටකට විකුණයි...
ඇඹිලිපිටියේ කඩදාසි කම්හල මෙවනි තත්වයට ගැනීමට මුල් උන විමල් වීරවංශ මැතිඳුටයි මේ උපහාරය
හිතට සතුටු හිතෙන ප්‍රවෘතියක් . පේනව නේද රෙද්ද ගැලෙව්වා වගේ විවෘත ආර්ථික ය ගෙනත් හිටපුු නායකයින් රටට කරලා තියෙන විනය.
ඉතාමත් ප්‍රීතිදායක පුවතකි. ඇඹිලිපිටිය කඩදාසි කම්හල අකර්මණ්‍යවීමට බලපෑ මූලික සිද්ධිය වූයේ 87-89 භීෂණ සමයේදී එම කම්හලට ගිනි තැබීම හේතුවෙනි. එමගින් මෙරට සුවහසක් සිසුන්ට අනර්ඝ කඩදාසිවලින් නිෂ්පාදිත, පහසු මිලකට මිලදී ගත හැකිව තිබුණු අභ්‍යාස පොත් භාවිතා කිරීමේ අවස්ථාව නැති විය. පිටකොටුවේ ව්‍යාපාරිකයන්ට විදේශවලින් අභ්‍යාස පොත් ආනයනය කිරීමට ඉන් මඟ පෑදුණි. එම කඩදාසි කෙතරම් තුනී ද යත්, එක් පැත්තක ලියූ සටහන් අනෙක් පැත්තේ පෙනෙනසුලු විය; වැරුද්දක් මැකීම සිදුරකට අතවැනීමක් ම විය. විෙද්ශ අැණවුම් සපුරාලන අතර ම වර්තමාන අධි මිල අභ්‍යාස පොත් ගැටලුවට සහනයක් ලබා දීමට කරුණාකර ප්‍රමුඛතාවය ෙදන්න. එමඟින් ෙමරට දිළිඳු දරුවන්ෙග් පාසල් ගමන අකාලයේ නතරවීමේ ඛේදවාඡකය අවම කිරීමේ සද්කාර්යයට අනුරත් අබේරත්න මහතා ඇතුලු කාර්යය මණ්ඩලයට දායක විය හැක.
අවන්කවම අපි සතුටුයි ,ඔබේ ව්‍යාපාරය ලක්මව සමගින් දිනේවා
නිෂ්පාදන කටයුතු ආරම්භ කලාට කමක් නැහැ .නැවතත් බ්ලැක් ලිකර් හෙවත් කළු දියරය වලවේ ගඟට මුදා හැරලා පරිසර හානි සිදු කරනවා හෙම නොවෙයි .අපට අතීතය අමතක නැහැ
හරි හරි ලාභ ලබන්නන්ගේ වහාම කොමිසමක් ගහගෙන පිටරටකට විකුණමු. ඒකනේ ලොකුම ප්‍රතිපත්තිය.
හොඳ උත්සහයක්.
දැන් ඇමැතිගේ ගොලයන්ට ජොබ් දෙමු, ණයට දෙමු වැඩේ කෙළවමු
දැන් බය නැතුව තීරු බදු රහිත වාහන 240 ගෙන්නන්න පුළුවනි නේද.අපනයන ආදායම වැඩි වෙලානේ ?